පැලවත්ත පෙරේරා මාවතේ පිං ළිඳ අඳුරේ | දිනමිණ

පැලවත්ත පෙරේරා මාවතේ පිං ළිඳ අඳුරේ

පැලවත්ත - පෙරේරා මාවතේ, පිං ළිද ළඟ තිබූ ලයිට් කණුව ගලවා වෙනත් ලයිට් කණුවක් සිටුවීම මීට මාස 3කට පමණ පෙර ඇතුල්කෝට්ටේ පිහිටි ලංකා විදුලිබල මණඩල උප කාර්යාලය මඟින් සිදුකරනු ලැබීය.

එහෙත් එම ලයිට් කණුවේ තිබූ විදුලි ලාම්පුව නැවත එහි සවිනොකර ඔවුන් රැගෙනයාම නිසා එම ස්ථානය රාත්‍රී කාලයේ දැඩි අදුරේ පවතී.

එම ලයිට් කණුව ළඟින්ම යෝජිත ත්‍රිවිධ හමුදා ගොඩනැගිලි සංකීර්ණය දක්වා ප්‍රධාන මාර්ගයක්ද ඉදිකෙරේ.

කඩුවෙල නගර සභාවේ විදුලි අංශය මඟින් සවිකර තිබූ විදුලි ලාම්පුව නැවත සවිකරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඇතුල් කෝට්ටේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

සටහන හා ඡායාරූප

කෝට්ටේ මධ්‍යම සමූහ

නන්ද ඒකනායක 

 

නව අදහස දක්වන්න