හිස තෙල් ගෑමේ ප්‍රධාන උත්සවය ඇමැති සාගලගේ ප්‍රධානත්වයෙන් | දිනමිණ

හිස තෙල් ගෑමේ ප්‍රධාන උත්සවය ඇමැති සාගලගේ ප්‍රධානත්වයෙන්

මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන සුබ නැකතින් හිසතෙල් ගෑමේ චාරිත්‍රයට අමාත්‍යවරයා එක්ව සිටි අයුරු ඡායාරූප- පිටබැද්දර සමූහ

මාතර දිස්ත්‍රික්කයේ හිස තෙල් ගෑමේ ප්‍රධාන උත්සවය දෙවිනුවර රජ මහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලය අභියස දී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) උදෑසන 10.41ට යෙදුණු සුබ නැකතින් සිදුවිය.

විහාරාධිපති දික්වැල්ලේ ශ්‍රී සුනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ හිසතෙල් ගෑමේ උත්සවය මැනවින් සංවිධානකර තිබුණි. මේ අවස්ථාවට මහා සංඝරත්නය, මාතර දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසී දායක දායිකා බොහෝ පිරිසක් එක්ව සිටියහ.

පිටබැද්දර සමූහ ප්‍රියන්ත සෙනරත් 

නව අදහස දක්වන්න