යාපනය සරසවියේ අධ්‍යයන කටයුතුවලට එක්වන්නැයි සිසුන්ට කියයි | දිනමිණ

යාපනය සරසවියේ අධ්‍යයන කටයුතුවලට එක්වන්නැයි සිසුන්ට කියයි

 

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ කීපයක්ම යළි විවෘත කළ ද ප්‍රමාණවත් සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙතෙක් විශ්වවිද්‍යලයට පැමිණ නොමැති නිසා දේශන කටයුතු හා විභාග කටයුතු පවත්වාගෙන යාමට අපහසු බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී වසන්ති අරසරත්නම් මහත්මිය පැවසුවාය.

යපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන මෙන් ඉල්ලීම් කොට ඇත්තේ එම සිසුන්ගේ දෙමවුපියන් පිරිසක් කොළඹ දී මධ්‍ය හමුවක් පවත්වමින් නිසි ආරක්ෂාවක් හා ඒ පිළිබඳව සහතිකයක් ලැබෙන තුරු තම සිසුන් යාපනය විශ්වවිද්‍යාලය වෙත නොයවන බවට ප්‍රකාශයක් කොට තිබෙන පසුබිමකය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ඩී.සිල්වා යාපනය විශ්වවිද්‍යාලයට ගොස් එහි පාලන අධිකාරිය සමග පසුගිය සිකුරාදා (22) සවස සාකච්ඡාවක් පවත්වා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ද මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ යාපනය විශ්වවිද්‍යාලය නිසි ලෙස පවත්වාගෙන යාමට පාලන අධිකාරිය විසින් ගෙන යන ප්‍රත්නයට සෙසු පිරිස ද සහයෝගය ලබාදෙන ලෙසයි.

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න