හෙල්මට් සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්යයි | දිනමිණ

හෙල්මට් සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්යයි

 යතුරුපැදි හෙල්මට්වල ප්‍රමිතිය තහවුරු කිරීමට SLS 517 ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්යය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

දෛනික ගමන් බිමන්වල දී හෙල්මට් භාවිතා කරන යතුරුපැදිකරුවන් සහ රේසිං ධාවන තරඟ සඳහා එක්වන යතුරුපැදිකරුවන් මෙමඟින් නිවැරදි හෙල්මට් තෝරාගත යුතු ආකාරය පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත.

හෙල්මට් නිෂ්පාදනය කරන, ආනයනය කරන, බෙදාහරින හෝ තොග හෝ සිල්ලර වශයෙන් අලෙවියේ යෙදෙන පුද්ගලයින්ට මින් ඉදිරියට SLS 517 ප්‍රමිති සහතික ලාංඡනය රහිත නිෂ්පාදිත වෙළෙඳාම තහනම් කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.

මෙම නීතිය 2016 සැප්තැම්බර් 01 වන දින සිට ක්‍රියාවට නංවන බවත්, මෙම නීතිය උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි. මීට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.

නව අදහස දක්වන්න