ඉන්දියාවේ ගංවතුර දහස් ගණන් අවතැන් | දිනමිණ

ඉන්දියාවේ ගංවතුර දහස් ගණන් අවතැන්

ඉන්දියාව පුරා පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට තිස් දෙනකුට අධික පිරිසක් මිය ගොස් ඇති අතර දහස් ගණනක් අවතැන් වී ඇති බව වාර්තා වේ.

17 දෙනකුගේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ මධ්‍යම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වන අතර ගංවතුරින් වැඩි හානියක් සිදුව ඇත්තේ ද එම ප්‍රදේශයටයි.මේ අතර නැ‍ඟෙනහිර බිහාරයේ පුද්ගලයින් 15,000 ක් පමණ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට අනතුරු හැඟවීම නිසා එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත. වාර්තා වන අන්දමට මෝසම් වැසි සක්‍රීය වන ජූනි සහ සැප්තැම්බර් මාස අතර ඉන්දියාව තුළ ඇති වන මේ ගං වතුර තත්ත්වය සාමාන්‍ය ය.

දියේ ගිලීම, විදුලි සැර වැදීම සහ නිවාස කඩා වැටීමෙන් සිදු වූ තුවාල නිසා බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වලින් දහ තුන් දෙනකු මිය ගොස් ඇත.

බිහාරය තුළ පමණක් ගංගා 6ක් පමණ අනතුරුදායක මට්ටමට ඉහළින් පවතින අතර ඒවා අවට ජීවත් වන ජනතාව කඳවුරු 80 ක පමණ රඳවා ඇති බව සඳහන් වේ.උත්තර් ප්‍රදේශ් හි ගංඟ නදිය ද අනතුරුදායක මට්ටමට ඉහළින් ගලා යන අතර ඒ ආශ්‍රිතව පහත් බිම් වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ. 

නව අදහස දක්වන්න