2016ට වඩා රජයේ වියදම් පහළට | දිනමිණ

2016ට වඩා රජයේ වියදම් පහළට

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

එළ‍ඹෙන මුදල් වර්ෂය සඳහා රුපියල් එක්දහස් අටසිය දහනව බිලියන පන් මිලියන හතළිස් හතර දහසක් (රුපියල් ‍කෝටි 181,900) වියදම් කිරීම සඳහා රජ‍ය ඇස්ත‍මේන්තු කර ඇති බව ඊ‍යේ (20) පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කළ 2017 විසර්ජන පනත් ‍කෙටුම්ප‍තෙහි සඳහන් ‍වේ.

ඒ අනුව සම්මුතිවාදී රජය විසින් 2017 වර්ෂය සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනත් ‍කෙටුම්පත මඟින් 2016 වර්ෂයට සා‍පේක්ෂව රජ‍යේ වියදම රුපියල් ‍කෝටි 76,000 කින් අඩු‍කොට ති‍බේ.

මුදල් ඇමති රවි කරුණානායක මහතා ‍විසර්ජන පනත් ‍කෙටුම්පත පාර්ලි‍මෙන්තුවට ඊ‍යේ (20) ඉදිරිපත් කළ අතර ‍මෙය යහපාලන ආණ්ඩු‍වේ ‍දෙවන අයවැය ‍ලෙස ඉතිහාසයට එක්වෙයි.

රජ‍යේ අමාත්‍යාංශ 49ක් සඳහා පුනරාවර්තන හා මූලධන වියදම් ‍ලෙස ‍මෙම මුදල ඇස්ත‍මේන්තු කර ඇති අතර රජය රුපියල් ‍කෝටි151,520 (රුපියල් එකදහස් පන්සිය පහ‍ලොස් බිලියන ‍දෙසිය මිලියන තුන්සිය අනූ ‍දෙදහසක්) උපරිම සීමාවකට යටත්ව වියදම් කිරීමට අ‍‍පේක්ෂා කරන බවද එම පනත් ‍කෙටුම්ප‍තේ සඳහන් ‍වේ.

2017 වස‍රේ රජ‍යේ උපරිම ණය සීමාව රුපියල් ‍කෝටි 148,900 (රුපියල් එක්දහස් හාරසිය අසූනව බිලියන ‍දෙසිය පන් මිලියන හාරසිය තිස්හයදහස) ‍නොඉක්ම වියයුතු බවද ‍පෙන්වා දි ඇති විජර්ජන පනත් ‍කෙටුම්පත් එම ණය සීමාව ඉක්ම වන්නේ නම් එම මුදල නව මුදල් වර්ෂ‍යේ ණයවලින් පියවිය යුතු බවද සඳහන් කර ඇත.

2017 වස‍රේ අමාත්‍යාංශවලට ‍වෙන්කරන මුදලින් වැඩිම පුනරාවර්තන හා මුලධන වියදම ආරක්ෂක අමාත්‍යාංශයට ‍වෙන්කර ඇති අතර එම මුදල රුපියල් කෝටි 28,404 (284,044,344,000) ‍ලෙස සටහන්කර ඇත. ‍මේ අතර ‍මෙවර විසර්ජන පනත් ‍කෙටුම්පතින් අඩුම මුදලක් ඇස්ත‍මේන්තු ගතකර ඇත්තේ වි‍ශේෂ කාර්යභාර අමාත්‍යාංශය සඳහා වන අතර එය රුපියල් ‍කෝටි 11 (රුපියල් 118,254,000) කි.

මුදල් අමාත්‍යාංශ‍යේ වැය ශිර්ෂය යට‍තේ පුනරාවර්තන හා මුලධන වියදම් ‍ලෙස රුපියල් ‍කෝටි 24,280ක්(රුපියල්242,806,451,000) ද ඇස්ත‍මේන්තු කර ඇත.

ජනාධිපතිවරයා‍ගේ වැය ශිර්ෂය යට‍තේ රුපියල් ‍කෝටි 6,452 (රුපියල්645,267,900) ක් ‍වෙන්කර ඇති අතර අගමැතිවරයා‍ගේ කාර්යයන් සඳහා රුපියල් ‍කෝටි 125ක් (රුපියල්125,527,100) පුනරාවර්තන හා මුලධන වියදම් ‍ලෙස ඇස්ත‍මේන්තු කර ඇත.

‍මෙවර විසර්ජන පනත් ‍කෙටුම්පත අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 28,404 (රුපියල් 284,044,344,000) මුදලක් ‍ඇස්ත‍මේන්තු කර ඇත. ඊට අමතරව ‍සෞඛ්‍ය, ‍පෝෂණ හා ‍දේශීය ‍වෛද්‍ය අමාත්‍යාංශය ‍වෙනු‍වෙන් රුපියල් ‍කෝටි 16,097 (රුපියල් 160,971,829,000) ක්ද අධ්‍යාපන අමාත්‍යාංශය ‍වෙනු‍වෙන් රුපියල් ‍කෝටි 7,694ක (76,943,719,000) මුදලක් ද ඇස්ත‍මේන්තු කර ති‍බේ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ‍යේ 2017 වියදම රුපියල් ‍කෝටි 16,340ක් ‍(රුපියල්163,404,738,000) ක් ‍ඇස්ත‍මේන්තු කර ඇත. ‍මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 2,139 (රුපියල් 21,394,174,000) ක්ද අධිකරණ අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 1,023 (රුපියල් 10,230,895,000) පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 573 (රුපියල් 5,734,569,000) ක්ද නිවාස අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 326 (රුපියල් 3,267,806,000) ක්ද වි‍දේශ කටයුතු අමාත්‍යාංශය ‍වෙනු‍වෙන් රුපියල් ‍කෝටි 968 (රුපියල් 9,689,139,000) ක්ද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 1,254 (රුපියල් 12,543,197,000) ක්ද පාර්ලි‍මේන්තුව සඳහා රුපියල් ‍කෝටි 205 (රුපියල් 2,054,067,000) ක්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහා රුපියල් ‍කෝටි 105 (රුපියල් 1,058,757,000) ඇස්ත‍මේන්තු කර ති‍බේ.

රජ‍යේ අමාත්‍යාංශ හා ‍දෙපාර්ත‍මේන්තු 201 ක් සඳහා ‍මෙම අයවැය ඇස්‍මේන්තුව ඉදිරිපත්කර ති‍බෙන අතර 2017 වසර සඳහා වන අයවැය එළ‍ඹෙන ‍නොවැම්බර් මස 10 දා පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නව අදහස දක්වන්න