හේමන්ත ටෙක්ස්ටයිල්ස් ෆ්ලේම් සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

හේමන්ත ටෙක්ස්ටයිල්ස් ෆ්ලේම් සම්මානයෙන් පිදුම් ලබයි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිමි ඇඳුම් විලාසිතාගාරයක් වන හේමන්ත ටෙක්ස්ටයිල්ස් ආයතනය බස්නාහිර පළාත් සභාව විසින් සංවිධාන කරන ලද ෆ්ලේම් 2016 සම්මාන උළෙලේ දී ඇඟළුම් අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. හේමන්ත ටෙක්ස්ටයිල්ස් ආයතනය ඉතා සාර්ථකව පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීම මේ සම්මානය ලැබීමට ප්‍රධාන හේතුව වේ.

වසර 20ක පමණ කාලයක් පුරා නවීන පන්නයේ විලාසිතා පාරිභෝගිකයන්ට පිරිනමන හේමන්ත ටෙක්ස්ටයිල්ස් ප්‍රදර්ශනාගාරය මහරගම පිහිටා ඇත. මනා ඉඩ පහසුකම්වලින් සහ ආකර්ෂණීය නිමාවෙන් යුක්ත හේමන්ත ටෙක්ස්ටයිල්ස් ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට තෝරා ගැනීමේ අවස්ථා රැසක් උදා කරයි. ඉහළ ගුණාත්මකභාවයෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් නිමි ඇඳුම් සහ භාණ්ඩ වගකීමක් සහිතව මිලට ගැනීමට බොහෝ දෙනා පැමිණෙන හේමන්ත ටෙක්ස්ටයිල්ස් ජනතා විශ්වාසය ඉහළින්ම දිනා ඇත.

‘පාරිභෝගිකයන්ට හොඳම දේ සාධාරණ මිලකට සපයන නිසා ඔවුන්ට අප කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ අප ආයතනයේ කැපවීමෙන් සේවය කරන සේවක සේවිකාවන්ගේ දායකත්වය නිසා. ඉදිරියටත් ශ්‍රී ලාංකීය විලාසිතා ලොව හැඩ කරන දේවල් රැසක් කරන්න අප සුදානම්.’ හේමන්ත ටෙක්ස්ටයිල්ස් අධිපති ඩබ්ලිව්. ඩී. ඒ. හේමන්ත මහතා අදහස් දක්වමින් පැවසුවේය.

තාරුණ්‍යයට ගැළපෙන ආකර්ෂණීය විලාසිතාවලින් මෙන්ම ළඳරු, ළමා, තරුණ, වැඩිහිටි සියලු දෙනාට ගැළපෙන නවතම නිමි ඇඳුම් විලාසිතාවලින් හේමන්ත ටෙක්ස්ටයිල්ස් පරිපූර්ණය. කාලෙන් කාලෙට වෙනස් වෙන ජනප්‍රිය විලාසිතාවලින් සිය විලාසිතාගාර නිරන්තරයෙන් හැඩ කිරීමට හේමන්ත ටෙක්ස්ටයිල්ස් කාර්ය මණ්ඩලය කටයුතු කරයි. දේශීය හා විදේශීය නිමි ඇඳුම්, උත්සව ඇඳුම්, මංගල ඇඳුම්, සාරි, සල්වාර්, ළමා ඇඳුම්, සෙල්ලම් බඩු, පාවහන්, තෑගි භාණ්ඩ, තෑගි වවුචර ආදී නිෂ්පාදන රැසකින් සමන්විත හේමන්ත ටෙක්ස්ටයිල්ස් ඔබගේ අවශ්‍යතා රැසක් එකම වහලක් යට දී ඉටු කරයි.

නව අදහස දක්වන්න