‘පරිස්සමෙන් ගිහින් එන්න’ මාර්ග ආරක්‍ෂණ ව්‍යාපෘතිය | දිනමිණ

‘පරිස්සමෙන් ගිහින් එන්න’ මාර්ග ආරක්‍ෂණ ව්‍යාපෘතිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ‘පරිස්සමෙන් ගිහින් එන්න’ ව්‍යාපෘතිය දියත් කළ අවස්ථාව. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සම කළමනාකරණ අධ්‍යක්‍ෂ කීත් බර්නාඩි මහතාද මෙහි වෙයි.

 

ශ්‍රි ලංකාවේ දිනෙන් දින ඉහළ යමින් පවතින මාර්ග අනතුරු සහ එමගින් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමේ අටියෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකා පොලීසිය සමග එක්වී දියත්කළ ‘පරිස්සමෙන් ගිහින් එන්න’ ව්‍යාපෘතියට නිල රක්‍ෂණ සහකරු ලෙස දායකවීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය ඉදිරිපත්වී ඇත.

මේ මාර්ග ආරක්‍ෂණ ව්‍යාපෘතිය දෙසැම්බර් මස මුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී දියත් කළ අතර ඊට සමගාමීව කලුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලදීද ‘පරිස්සමෙන් ගිහින් එන්න’ ව්‍යාපෘතිය දියත් කළේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්‍ස් ආයතනයේ සම කළමනාකරණ අධ්‍යක්‍ෂ කීත් බර්නාඩි මහතා කියා සිටියේ දිනෙන් දින වැඩිවෙන මාර්ග අනතුරු සංඛ්‍යාව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙම අනිකුත් ආයතන සමග එක්වී ක්‍රියාකිරීමට පෙලඹවූ බවයී. “දිවයිනේ ප්‍රමුඛතම රථ වාහන රක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකාවේ මහාමාර්ගවල ආරක්‍ෂාව තහවුරු කිරීමට අපි ඇපකැප වී සිටිමු. අපි මෙම ව්‍යාපෘතියට දායක වන්නේද එම අරමුණු පෙරදැරි කරගෙනයී” ඔහු කියා සිටියේය. 

 

නව අදහස දක්වන්න