මොරගහකන්දට ජලය පිරවීම 11 | දිනමිණ

මොරගහකන්දට ජලය පිරවීම 11

චමීර ඇල්ලදෙණිය

මොරගහකන්ද ව්‍යාපෘතියට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 11වැනිදා සිදු කිරීමට නියමිතය .

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ  තිරසර  සංවර්ධනයේ  දැවැන්ත  ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද  කලුගග  ව්‍යාපෘතිය නොමැති නිම කිරීමෙන් පසු රජරට හෙක්ටයාර් 94,000ක් යල මහ කන්න දෙකම වගා කළ  හැකි  බව පරිසර  නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා  පවසයි .

මෙම දියවර මංගල්‍යය ට සමගාමිව රජරට ඇළ පද්ධතිය ආරම්භ  කිරීමට  නියමිත  අතර කිලෝමීටර්  97ක් දුරට ජලය  ගෙනගොස්  හුරුළු වැව හා මහ කනදරා වැව පිරවීම සිදුකෙරේ.

රජරට  පානීය ජල ගැටළුවලට මෙමඟින්  විසදුම්  ලැබේ.

මීට  අමතරව වයඹ  ජල අවශ්‍යතාව වෙනුවෙන්  කිලෝමීටර්  96  කින් සමන්විත වයඹ  ඇළ  පද්ධතිය නිර්මාණය  කිරීමට  නියමිත අතර  රජරට  ඇළ පද්ධතියට අමෙරිකානු  ඩොලර්  මිලියන 450ක් ද වයඹ  ඇළ  පද්ධතිය ට ඩොලර්  මිලියන 200ක්ද වැය කෙරේ.

මොරගහකන්ද සමස්ත  ව්‍යාපෘතියට අමෙරිකානු  ඩොලර්  මිලියන  1100ක් ආයෝජනය  කරන බවද රජරට  හා වයඹ  පළාත්  දෙකම  ස්වංපෝෂණය කිරීමට හැකි වන බවද ජයරත්න මහතා  කීවේය .

මොරගහකන්ද ව්‍යාපෘතියේ  නිරීක්ෂණ  චාරිකාවක ට ඊයේ  (03) එක්වෙමින් එසේ කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙම ව්‍යාපෘතිය  නිසා තවත් වැව් 1500ක් ජලයෙන් පොෂණය වන බවද  සදහන් කළේය .

මොරගහකන්ද ව්‍යාපෘතියේ පළමු  පිරවීමේ දී ජලය ඝන් මීටර්  570ක් පිරවීමට නියමිතය.

වයඹ  ඇළ  මාර්ග  පද්ධතිය  ලබන පෙබරවාරි  මසයේදී ආරම්භ  කිරීමට  සැලසුම්  කර තිබේ .

(චමීර ඇල්ලදෙණිය මොරගහකන්ද සිට)

නව අදහස දක්වන්න