සබරගමු පළාත් සභා සේවකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් | දිනමිණ

සබරගමු පළාත් සභා සේවකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින්

සබරගමුව පළාත් රාජ්‍ය සේවකයන්ගේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීමේ නිල උත්සවය‍ පෙරේදා (02) රත්නපුර පළාත් සභා සංකීර්ණයේදී සිදුකරනු ලැබීය.

රජය මඟින් නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛනයක් මඟින් දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයන් වර්ෂ ආරම්භයේදී මේ ප්‍රතිඥාව ලබාදිය යුතුය.

ඒ අනුව සියලු ලක්වැසියන්ගේ අපේක්ෂා යථාර්ථයක් බවට පත්කිරීම සඳහා එකම රටක් එක කොඩියක් යටතේ සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් රාජ්‍ය සේවකයෝ දිවුරුම් දුන්හ.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, පළාත් ඇමැති අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රභාත් අල්විස්, දීපාල් ගුණසේකර, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කපිල පෙරේරා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් බී. එම්. පී. එන්. බෙලිගම්මන ඇතුළු සබරගමුව පළාත් සභා සේවක‍යෝ ද සහභාගි වූහ. 

නව අදහස දක්වන්න