ගෝඨා කළ දේ ආණ්ඩුව හම්බන්තොටදී කෙළේ නෑ | දිනමිණ

ගෝඨා කළ දේ ආණ්ඩුව හම්බන්තොටදී කෙළේ නෑ

කමනි අල්විස්

රාජපක්ෂ පාලන සමයේ කොළඹ කොම්පඤ්ඤවීදියේ වසර සිය ගණනක් පදිංචිව සිටි ජනතාව දරු පවුල් පිටින් බලෙන් පැය විසිහතරක් තුළදී එළියට ඇද දමන්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළත් වර්තමාන ආණ්ඩුව හම්බන්තොටදී එවැනි දෙයක් සිදු නොකළ බවත් කිසිසේත් එවැන්නක් සිදුකරන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

හමුදාව සහ පොලිසිය යොදවා පැය විසිහතරක් තුළදී දරු පවුල් එළියට ඇද දමා නිවාස බිමට සමතලා කර දමා එම ඉඩම් විදෙස් සමාගම්වලට පවරාදීමට රාජපක්ෂවරුන් පියවරගත් බව පැවසූ මන්ත්‍රී මුජිබර් රාහුමාන් මහතා එදා දරු පවුල් එළියට ඇද දැමුවේ පාසල් යන දරුවන්ට තමන්ගේ පොතපතවත් නිවසින් එළියට ගැනීමට ඉඩ නොතබා බවත් පැවසීය.

නිවසකට හිමිකමක් නොමැති වුණ එම දරු පවුල් කුලී නිවාසවල පදිංචියට ගොස් අප්‍රමාණ ආර්ථික දුෂ්කරතාවන්ට පත්වී සිටින බවත් මන්ත්‍රී රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රාහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. 

නව අදහස දක්වන්න