හොර ගිවිසුමක් නැහැ - අගමැති | දිනමිණ

හොර ගිවිසුමක් නැහැ - අගමැති

හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම  සභාවට ඉදිරිපත් කළ විට  වාද කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට වරාය ගැටළුව සහ ගිවිසුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ස්ථාවර නියෝග 23(02)  යටතේ විමසූ පැනයකට පිළිතුරු  ලබාදෙමිනි.

කාරණා ගණනාවක්,අනෙක් ඇමතිවරුත් ප්‍රකාශ කළා. සිකුරාදා මහාසංඝරත්නයට පහැදිළි කළා. අපිට මේ ගෙවන්න බැරි මිලියන 1300ක් තිබෙනවා.  ඩොලර් මිලියන 5000ක ආයෝජන ලබාගෙන තිබෙනවා. පළමු ආයෝජනය ශ්‍රී ලාංකිකයෙක් සිමෙන්ති සමාගම ඉදි කරන්න යන්නේ.

තෙල්පිරි පහදුවක්, විදුලි බලාගාරයක්, නැව් තඨාකයක්. තවත් සිමෙන්ති කර්මාන්තශාලාවක් අයත් වෙනවා. ඉඩම් ගන්නවාද නැද්ද ගැන සොයාබලන්න කොමිටියක් පත් කර තිබෙනවා.හම්බන්තොට ඉඩම් ගන්නවා නම් සාකච්ඡා කරලා, කිසිම පන්සලකට පුරාවිද්‍යා ඒකකයට හානියක් නොවන ලෙස. ගිවිසුම් සියල්ල හොර ගිවිසුම් නෑ.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ජනාධිපතිතුමා කිව්වා, එපා නම් පොළොන්නරුවට දෙන්න කිව්වා. මොණරාගල ඇමැතිවරු කියනවා මොණරාගලට දෙන්න කියනවා. ඉතින් එපාද? හම්බන්තොට එපාද? ඕනැද එපාද? මේක ඕන නැද්ද කියලා කියන්න.ඔබතුමාලා යෝජනාවක් ගෙන්න. අපි ඉඩදෙන්නම්. කරුණා කරලා ප්‍රතික්ෂේප කරලා, හිටපු ජනාධිපතිතුමාගෙන් ලියුමක් ඕන,නිතිවිරොධි නම්.

චීන රජයට ස්තූතිවන්ත වෙනවට මේ ගත් පියවර සම්බන්ධයෙන්. වරාය ගිවිසුම,තුනම මේ සභාවට ඉදිරිපත් කළාම වාද කරන්න පුළුවන්. කොළඹ පටන් ගත්තේ පුද්ගලික සමාගමකටයි.පස්සේ බණ්ඩාරනායක මැතිතුමා ජනසතු කරලා ආණ්ඩුවට ගත්තා. මට කියන්න මොකක්ද ඔබතුමාලා චීනයට ගිහින් කතා කළේ. මාසයකට පෙර චීනයට ගියා. මට කෑ ගහනවා. හිටපු ජනාධිපතිතුමා හොඳයි කිව්වා. මහින්ද රාජපක්ෂ කරනවනම් හොඳයි,මෛත්‍රිපාල ජනාධිපතිතුමා කරනවා නම් වැරදි. මේක ඊර්ෂියාවනේ. ඔබතුමාලා යෝජනාව ගේන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

නව අදහස දක්වන්න