මහින්ද ගැන සතුටු බව මරික්කාර් කියයි | දිනමිණ

මහින්ද ගැන සතුටු බව මරික්කාර් කියයි

විමුක්ති දුෂාන්ත

මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම ගැන සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාව, කිත්තම්පහුව කැලණි නදී ක්‍රීඩා සමාජය සදහා රුපියල් 150,000 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවකට එක්වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාද කරනවා කිව්වානම් අපිට සතුටුයි. එතකොට අපි අහනවා මහින්ද මහත්තයාගෙන් ඔබට සතුටුයිද දැන් කියලා. කොහොමත් දැන් ගමේ යූන්පී කාරයෝ නැගිටලා ඉන්නේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්ලි වලට බෙදනකොට අපිට ඒක මැදින් ගිහිල්ලා දිනනවා. අපි ප්‍රාදේශීය සභා දිනන එක නවත්වන්න බෑ කාටවත්. අනික් කරුණ තමයි අපි ආණ්ඩු බලය තියාගෙන තමයි ඡන්දයකට යන්නේ.කලින් අපි ආණ්ඩු බලය නැතිවනේ ඡන්දවලට ගියේ ඒ නිසා මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම අපට සතුටුයි. මහින්ද මහත්තයාට වෙලා තියෙන්නේ කළ කළ දේ පළ පළ දේ කියනවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.  මොකද එතුමා ආණ්ඩු බලයේ ඉන්නකොට ලංකාවේ තියෙන හැම පක්ෂයක්ම කැඩුවා. යුන්පී, ජේවීපී,මුස්ලිම් කොංග්‍රසය, මෙන්ම තවත් පොඩි පොඩි පක්ෂ ගණනාවක් කැඩුවා. අන්න ඒ කරපුවායේ විපාක තමයි දැන් මේ විදින්න වෙලා තියෙන්නේ."

 

නව අදහස දක්වන්න