සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 21 වැනිදා සිට | දිනමිණ

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 21 වැනිදා සිට

අ.පො.ස. සාමාන්‍ය පෙළ නව/පැරණි 2016 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරී 21 වැනි දා සිට මාර්තු 08 වැනි දා දක්වා දිවයින පුරා පිහිටි ප්‍රායෝගික පරීක්ෂ මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

ප්‍රායෝගික පරීක්ෂණ මණඩලයන්හි ප්‍රධාන පරීක්ෂක ගුරු මහත්ම මහත්මීන් සඳහා උපදෙස් රැස්වීම් ඊයේ (06) ආරම්භ වූ අතර ලබන 16 වැනි දා දක්වා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත් වේ.

පරික්ෂණ මණ්ඩල 2465ක් යටතේ පරීක්ෂකවරුන් 8000ක් පමණ මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගිවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දූරකතන අංකවලට ඇමතීමෙන් දැන ගත හැකිය.

ක්ෂ්ණික ඇමතුම් අංකය - 1911
පාසල් විභාග සංවිධන හා ප්‍රතිඵල ශාඛාව- 0112784208/0112784537
0113188350/0113140314

නව අදහස දක්වන්න