සර­ස­විය අතහැර දැන්වීම් ලොවේ කිරිළු දරණ මහා­චා­ර්ය­ව­රිය | දිනමිණ

සර­ස­විය අතහැර දැන්වීම් ලොවේ කිරිළු දරණ මහා­චා­ර්ය­ව­රිය

ගුණරත්න රාමනායක 

විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස ජීවිතය ආරම්භ කර දැන්වීම් තාක්ෂණික සමාගමක සම ආරම්භකයා වීමෙන් අනතුරුව පුවත් සේවාවන් බිහිකර තම ර‍ටෙන් ලැබෙන ඉහළම සම්මානය ද ඇතුළු වෘත්තීය ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව තිළිණ රාශියක් ලබා ගැනීම කෙනකු ව්‍යවසායක බවට පත්වීමට නුහුරුවන මඟක් වෙයි.

එහෙත් ලෝකය මුළුල්ලේ සිටින කෝටි සංඛ්‍යාත ජනකායකගේ අවධානය යොමු වූ ‘අන්රූලි’ නම් ලෝක පූජිත වීඩියෝ නිෂ්පාදන සමාගමේ සම ආරම්භක හා සම ප්‍රධාන විධායක නිලධාරි සාරා වුඩි ව්‍යාපාර ලෝකයට පැමිණි මාර්ගය එය වන්නේ ය.

එසේ නම් එංගලන්තයේ ප්‍රකට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අමෙරිකානු සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය බර්ටි ලොව පුරාම දැන්වීම් ප්‍රචාරය කරන මහා සමාගමක් ගොඩනැඟීම සඳහා යොමු වූයේ කෙසේද?

සමාජ වෙබ් අඩවිවලින් තොරතුරු හුවමාරු කර ගැනීමට විශාල ජනතාවක් ඉදිරිපත්වීමත් සමඟ අන්තර්ජාලයේ හා ගමන්මඟ වෙනස්වී එහි ඇගයීම් රටාවන් බිහිවුණා. 43 හැවිරිදි මේ කාන්තාව කියන්නීය.

‘අන්තර්ජාලය මඟින් සිදුවන දේශපාලන සහ සමාජ විප්ලවය පිළිබඳ මම ඒ කාලයේ පර්යේෂණ පැවැත්වූවා. ඒ මඟින් ඉතා විශාල විප්ලවයක් සිදුවන බව එම අධ්‍යයනයන්ගෙන් අවබෝධ කරගත් මම ඒ ගැන පර්යේෂණ කිරීම නවතා, එම විප්ලවයේ කොටස්කාරියක් වීමට තීරණය කළා.’

‘අන්තර්ජාල සංස්කෘතියෙන් ආශ්වාදය ලැබූ ඇය තම සැමියා වන ස්කොට් බර්ටර්න්ද විධායක නිලධාරියකු බවට පත්කරගෙන, සැමියාගේ වෘත්තීය සගයකු වන මැටිකුක්ද සහභාගි කර ගෙන දැන්වීම් සේවා සමාගමක් වන නොනෙකිස්ට්‍රා බිහිකර ගන්නා ලද්දේ දිනෙන් දින පුළුල් වන වීඩියෝ අවකාශය සපුරනු පිණිසය.

දැන්වීම් සේවා පිළිබඳව විශාල අත්දැකීම් තිබූ තම සැමියාත් , ඔහුගේ මිතුරාත් ඔවුන්ගේ උපරිම හැකියාවන් යොදවා කටයුතු කළ ද ව්‍යාපාරය අපේක්ෂිත අන්දමින් වර්ධනය නොවීය. එම සමාගම 2005 දී විකුණා දැමූ ඔවුහු ඊළඟ වසරේ දී පාරිභෝගිකයන්ට හුවමාරු කර ගැනීමට හා අගය තක්සේරු කිරීමට හැකි විහිළු වීඩියෝ නිෂ්පාදන සමාගමක් ආරම්භ කළහ. ඒ සමඟම සමස්ත වෙබ් අඩවිවලම ඉහළම තලයකට ආ සල්ලාප (චැට්) සේවාවක් ද ආරම්භ කෙරිණි.

එම ව්‍යාපාරයේ සිටින විට අපට වැටහී ගියා වෙළෙඳ සන්නාමයන් හා දැන්වීම් සමාගම්වල අන්තර්ගතයන් ඉතා ඉක්මණින් බෙදාහැරීමේ ව්‍යාපාරයකට අවකාශ තිබෙන බව ඇය කියන්නීය.

වීඩියෝ සන්නාමයන් සමස්ත වෙබ් අඩවි සමූහය හරහාම හුවමාරු කරගත හැකි වන පරිදි වීඩියෝ බෙදාහරිනු ලබන ‘අන්රූලි’ සමාගම ආරම්භ කිරීමට ඊළඟ වසරේ දී ඔවුනට හැකියාව ලැබුණේය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වීඩියෝ සංස්කෘතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් මෙහෙයවනු ලැබූ සාරා දුටු විගසම පාරිභෝගිකයන් ආදරයෙන් වැළඳගන්නා වීඩියෝ සන්නාම අන්තර්ගතයක් වෙබ් අඩවි පුරාම පැතිරවීම සමාගමේ මෙහෙවර වන බව කියන්නීය.

මේ මෙහෙවර සාර්ථකත්වයට පත්වූයේ එමඟින් ප්‍රචාරය කරන ලද වීඩියෝ දෙකක් 2010 හා 2013 වසරවල බොහෝ පේක්ෂකයන් සංඛ්‍යාවක් නරඹන ලද දැන්වීම් දෙක ලෙස ගිනස් ලෝක වාර්තා දෙකක් බිහි කිරීමෙනි. එහෙත් ලන්ඩන් නුවර පිහිටා ඇති මේ සමාගමේ සුවිශේෂ අලෙවි අංශය කුමක්ද? දැන්වීම් බෙදාහැරීමට රජය එහි අන්තර්ගතය ඇගයීමට ඇති හැකියාවද? එම අන්තර්ගතයට ඇතිවන ආවේගශීලී ප්‍රතිචාරය අපි මැන බැලුවා. ඒක අසාමාන්‍ය ප්‍රවේශයක් සාරා පැහැදිලි කරන්නීය.

‘මෙහි දී අප මණ්ඩල පදනම් ක්‍රමය වර්ග කිරීම හා ශ්‍රව්‍ය අනුගත කිරීම වැනි නොයෙක් ආකාරයේ විධික්‍රම උපයෝගී කරගත් නිසා වීඩියෝවේ ආවේගශීලී තීව්‍රතාවයත් ක්ෂුද්‍ර පළ කිරීම් ඇගයීමට හැකි වුණා. ඒ අපට පහසු කටයුත්තක් නොවෙයි. එය ද ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය ව්‍යාපාරයේ සාර්ථකත්වය මත රැඳී සිටින නිසා.

අනෙක් ව්‍යාපාරික ආයතන මෙන්ම ‍මේ සමාගම ද ජන කණ්ඩායම් හා හැසිරීම් රටාවන් ඉලක්ක කරගත් නිසා තම නිර්මාණ නියමිත ප්‍රේක්ෂකයන්ටම විකාශනය කරනු ලබයි. එයින් බැහැර ‍බොහෝදෙනා මේ සමාගමේ හැකියාව දුටුවහ. ඒ අනුව, ප්‍රකට මූලධන සමාගම් තුනක් මඟින් 2012 දී පවුම් මිලියන 25ක මුදලක් සමාග‍මේ ආයෝජන කටයුතු අමෙරිකා එක්සත් ජනපදයේ හා ජර්මනියේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා ලබාදෙන ලදී.

ඉන් වසර තුනකට පසුව මේ සමාගමේ නම පුවත්පත්වල මුල් පුවත බවට පත්වූයේ ය. ඒ ලෝකයේ ප්‍රධානතම ප්‍රවෘත්ති සේවාවක් වන නිවුස් කෝපරේෂන් ආයතනයේ පවුම් මිලියන ¼ක කොටස් මිලදී ගැනීමෙනි. පුවත් ආයතනයේ බලය ලබාගත්ත ද අන්රූලි සමාගම තම ප්‍රධාන කාර්යාලය පෙර පැවැති ස්ථානයේම පවත්වා ගෙන ගියේය. එසේ කරන ලද්දේ තම සමාගමේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට බව ඇය කියන්නීය.

මේ ආයෝජනය කිරීමෙන් පසුව තම සමාගමේ දැන්වීම් ඒකකය වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ඇතුළු නිවුස් කෝපරේෂන්, යූ. කේ. ආයතනයේ කොටස් සමඟ එක් කළ බව සාරා කියන්නීය.

ලෝකය මුළුල්ලේ කාර්යාල 15ක් පිහිටුවා ඇති අන්රූලි සමාගමේ විධායකයන් 200ක් සේවය කරන බව පෙන්වාදෙන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා තම ආයතනයේ කටයුතු ආසියා -පැසිපික් කලාපය වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරගෙන යන බව ද පවසන්නීය.

දැන්වීම්කරණයේ අවහිරතා මතු වූ කාලයක වුවද මේ සමාගමේ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇති අතර, 2016 - 2020 කාලය තුළදී එය දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ක්ෂේත්‍රයෙහි ප්‍රකට පර්යේෂණ ආයතනයක් වන ෆොරස්ටර් පෙන්වා දෙන අන්දමට, මේ සමාගමේ යුරෝපයේ ආයෝජන ප්‍රමාණය 2016 දී යුරෝ බිලියන 3.6 සිට 2020 දී යුරෝ බිලියන 8.9 දක්වා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් වැඩිවනු ඇත.

වීඩියෝ ක්ෂේත්‍ර‍යෙහි පවතින හැකියාවන් වෙනත් සමාගම්වලට පෙර අවබෝධ කරගත් නිසා අන්රූලි සමාගම මේ ව්‍යාපාරික තරගයේ ඉදිරියෙන්ම සිටින බව ෆොරස්ටර් ආයතනයේ විශ්ලේෂිකා ‍පෙන්වා දෙන්නීය. ‘ මේ සමාගම වීඩියෝ ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කළේ එය ඉතා කුඩා වෙළෙඳපොළක් ලෙස තිබියදීයි. ඒ වුණත් පසුගිය අවුරුදුවල දී ඇති වූ වීඩියෝ දැන්වීම් හා අලෙවි කටයුතුවල වර්ධනය නිසා විශාල ජයග්‍රහණ ලබා ගන්නට එයට හැකියාව ලැබුණා.’

සාරාවුඩ් කාන්තාවක් නිසා‍දෝ ඇගේ ව්‍යාපාරික ආයතනය තවත් අංශයකින් පෙරමුණ ගෙන ඇත. කාන්තාවන්ගේ අවතීර්ණය ඉතා පහත් මට්ටමක නැතහොත් නැතැයි කිවහැකි තත්ත්වයක පවතින ‍මේ ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ සහභාගීත්වය විශාල ලෙස වර්ධනය කිරීමය. සමාගම තුළ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සඳහා සාරා ගෙන ඇති පියවර නිසා සමාගමේ කාර්ය මණ්ඩලයෙන් සියයට 48ක්ම සමන්විත වී ඇත්තේ වනිතා පක්ෂයෙනි.

‘අපගේ ශක්තිය රැඳී තිබෙන්නේ ලෝකයට සාධනීය බලපෑමක් කළ හැකි විවිධත්වයෙන් හා නිර්මාණශීලී තත්ත්වයෙන් යුත් සමාගම් සංස්කෘතියක් බිහි කිරීමෙන් යැයි මම විශ්වාස කරනවා’ ඇය පවසන්නීය.

දැන් බිලියන ගණනින් යුත් ධනවත් කාන්තාවක් බවට පත්වී සිටින ඇය තම දුෂ්කර ගමන් මඟද අමතක නොකරන බව මේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

‘ ව්‍යාපාරය ආරම්භ කළ මුල් මාස 18 – 24 කාලයේ දී අපට ලැබුණේ බොහොම සුළු ආදායමක්. වාසනාවකට අපේ අසල්වැසියෝ ළමයින්ගේ ඇඳුම් බෑග් පිටින් දුන්නා. ව්‍යාපාරයට මුදල් ලබා ගැනීමට 2009 දී අපගේ නිවස විකුණා දැමීමට සිදුවුණත් අපි කරන්නේ සාර්ථක ව්‍යාපාරයක් බව අපි තේරුම් ගෙන සිටියා.

එම අදහස නිවැරැදි බව දැන් ඔප්පුවී ඇත.

 

 

නව අදහස දක්වන්න