කීල්ස් සුපර් පාරිභෝගිකයෝ Trail 2016 වැඩසටහනට මුදල් පරිත්‍යාග කරති | දිනමිණ

කීල්ස් සුපර් පාරිභෝගිකයෝ Trail 2016 වැඩසටහනට මුදල් පරිත්‍යාග කරති

 කීල්ස් සුපර් සමාගම කරාපිටිය ශික්ෂණ රෝහලේ යෝජිත පිළිකා ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමේ සත්කාරය සඳහා Trail 2016 වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගැනීමට පසුගිය දා පියවර ගත්තේ ය.

තම ශාඛාවලින් භාණ්ඩ මිල දී ගන්නා අතරතුර නෙක්සස් මොබයිල් ලකුණු ඔස්සේ මේ උදාර අරමුණ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබාදීමට ද කීල්ස් සුපර් කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය. මේ අනුව පාරිභෝගිකයන්ගේ නොමසුරු දායකත්වය සමඟින් රු. 525, 000ක මුදලක් අදාළ වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කීල්ස් සුපර් කටයුතු කළේය.

මීට අමතරව පාරිභෝගිකයන්ට තවදුරටත් මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව ලබා දෙමින් තෝරාගත් අලෙවිසැල්වල මුදල් දැමීමේ කැට තබා තිබිණි.

Trail යනු පිළිකාවට එරෙහි සටන සඳහා ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් එකම වේදිකාවකට රැගෙන ඒමේ අරමුණ පෙරදැරිව ආරම්භ කරන ලද වැඩසටහනකි. එහි 2016 අදියර පේදුරු තුඩුවෙන් ආරම්භ වී දින 28ක් තිස්සේ පාගමනින් පැමිණ නොවැම්බර් 2 වැනි දා දෙවුන්දර තුඩුවෙන් නිමාවට පත්විය.

වගකීම්සහගත සමාගමක් ලෙස කීල්ස් සුපර් කවදත් සමාජයේ යහපත උදෙසා විවිධ ප්‍රජා සත්කාරයන්ට දායක වෙයි. Trai 2016 වැඩසටහන සඳහා දායක වීම එහි තවත් ඉදිරි පියවරකි.

‘මේ උදාර අරමුණ වෙනුවෙන් ඉතාමත් උනන්දුවෙන් දායක වෙමින් වෙනසක් උදෙසා අත්වැල් බැඳගත් අපගේ පාරිභෝගිකයන්ට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ දායකත්වය රටේ පිළිකා උවදුරට එරෙහි සටනට විශාල රුකුලක් වේවි.’ කීල්ස් සුපර් හි වෙළෙඳ අංශයේ අංශ ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සභාපති චරිත සුබසිංහ මහතා පැවැසීය.

කොළඹ YMCA ගොඩනැඟිල්ලේ විවෘත කෙරුණු Curry pot අවන්හල Aeonic Enternational එනික් ඉන්ටනැෂනල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. පුෂ්පරාජු මහතා විසින් ප්‍රථම ගනුදෙනුව සිදුකළ අයුරු. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත පොල්තෙල් පහන දැල් වූ අයුරු. ඡායාරූප අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් රඛිත රාජපක්ෂ යන මහත්වරු ද මෙහි වෙයි.

බ්‍රිතාන්‍ය කවුන්සිල ෙයන් 21 වැනි සියවසේ ඉගැන්වීම්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් 21 වැනි සියවසට ගැළපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වයි. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේ දී එම වඩසටහන පැවැත්විණි.

මේ සුවිශේෂී මුලපිරීම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමඟ සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින් අධ්‍යාපනය පෝෂණය කිරීම, ගෝලීය පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර විශ්වාසය සහ අවබෝධතාව ගොඩනැඟීම එහි ඉලක්කය වී තිබේ. බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් විදෙස් රටවල පාසල් පද්ධතියේ පන්ති කාමර අතර සබඳතාව ඇති කරමින් ගෝලීය වශයෙන් 2015 වර්ෂයේ දී ඇරැඹි 21 වැනි සියවසට අදාළ වූ හැකියා ගුරු පුහුණුවෙහි අරමුණ වන්නේ 21 වැනි සියවසෙහි අධ්‍යාපන හැකියාවන් දේශීය පන්ති කාමර වෙත රැගෙන ඒමයි.

මේ පුහුණුව මඟින් පන්ති කාමර තුළ කාර්ය මූලික පර්යේෂණ තුළින් ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත 21 වැනි සියවසට ඔබින හැකියාවන් 6ක් ලබා දෙන පුහුණු සංවර්ධන අවස්ථා හිමි වේ. ශිෂ්‍ය නායකත්වය සහ පුද්ගල සංවර්ධනය. පුරවැසිභාවය, සන්නිවේදනය සහ සහයෝගීතාව, විචාරශීලී චින්තනය සහ ගැටලු නිරාකරණය, නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය සහ ඩිජිටල් සාක්ෂරතාව යනු එම හැකියාවන් හයයි.

පන්ති කාමර ක්‍රියාකාරකම් සමීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසුව එම ගුරුවරුන්ට බ්‍රිතාන්‍යයේ සහයෝගීතා පාසලක් සමඟ වෘත්තීය සහයෝගීතාවක් සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබිණි‍. මාස 18කට අධික කාලසීමාවක දී බ්‍රිතාන්‍ය කවුන්සිලය මේ පාඨමාලාව හරහා ගුරුවරුන් 800ක් සහ විදුහල්පතිවරුන් 250ක් වෙත පුහුණුව ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ කීත් ඩේවිස් මෙසේ පවසා සිටියේය. ‘කැපවීමෙන් සේවය ලබා දෙන දැනුමින් පරිපූර්ණ ගුරුවරයකු හැර පන්ති කාමර සඳහා වෙනත් ආදේශකයක් නොමැති බව අපි දැඩිව විශ්වාස කරනවා. අද වන විට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන සිසුන් වෙත 21 වැනි සියවසට ඔබින නිවැරැදි අධ්‍යාපන සන්නිවේදනයක් සිදු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. අපගේ ගුරු පුහුණුවීම් හරහා නව ඉගැන්වීමේ හැකියාවන්ගෙන් සහ දැක්මකින් යුක්ත ගුරු ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අවස්ථාව සලසනු ලබනවා.’

 

 

 

 

  

 

නව අදහස දක්වන්න