සමෘධිලාභීන් සහන ඉල්ලා ගලේවෙලදී පෙළපාළියක | දිනමිණ

සමෘධිලාභීන් සහන ඉල්ලා ගලේවෙලදී පෙළපාළියක

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක

පසුගිය රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දුන් 2,500/= දීමනාව ආපසු අය නොකරන ලෙසටත් සමෘධි නිලධාරීන්ගේ දීමනා ලබාදී ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසටත් බඩු මිල පහත දමන ලෙසටත් රජයෙන් ඉල්ලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් විසින් පසුගියදා බස් නැවතුම්පොළ අසල සිට මාතලේ හන්දියටත් යළි ආපසු බස් නැවතුම්පොළ දක්වාත් පෙළපාළියක් පැවැත්විණි.

පැය එකහමාරකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් සිට ඔවුහු සාමකාමීව විසිර ගියහ.මේ අවස්ථාවට සමෘද්ධි ලාභීහු 2,000 කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියහ.නගරයේ ආරක්ෂාවට දැඩි පොලිස් රැකවරණ යොදා තිබිණි.සමෘද්ධි ලාභීන් විසින්ම මෙයසංවිධානය කර තිබිණි.

නව අදහස දක්වන්න