ස්කැවේටර් යන්ත්‍රයේ බැඳ ඇති මී මැසි වදය | දිනමිණ

ස්කැවේටර් යන්ත්‍රයේ බැඳ ඇති මී මැසි වදය

 ගම්පොළ, දොළුව, කවුඩුපිටිය ප්‍රදේශයේ මහ මාර්ගය අයිනේ නවතා ඇති පස් කැපීමේ යන්ත්‍රයක (ස්කැවේටර්) මී මැසි වදයක් බැඳ ඇති අපූරු සිදුවීමක් දැක ගැනීමට තිබේ. කවුඩුපිටිය පදිංචි සංජීව උදේන ප්‍රේමරත්න මහතාට අයත් මෙම පස් කැපීමේ යන්ත්‍රය ඔහුගේ නිවස අසල මහ මාර්ගය අයිනේ නවතා තැබීමෙන් පසු මෙම මී වදය බැඳ තිබේ. රථ වාහන විදුලි කාර්මිකයකු වන සංජීව මහතා සඳහන් කරනුයේ මෙම ස්කැවේටරය පාර අයිනේ නැවැත්වීමෙන් පසු මී වදය බැඳ තිබෙනවා දැකීම නිසා මාස 2ක් පමණ මෙම වාහනය පන ගැන්වීමට නොහැකිව තිබෙන බවයි. මේ එම මී වදය බැඳ ඇති පස් කපන යන්ත්‍රයයි.

ඡායාරූපය - ගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න