විමල් අභියාචනාධිකරණයෙනුත් ඇප ඉල්ලයි | දිනමිණ

විමල් අභියාචනාධිකරණයෙනුත් ඇප ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අදත් යළිි ඇප ඉල්ලා තිබේ.

ඒ, අභියාචනාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරමිනි.

එම ප‍්‍රතිශෝධන පෙත්සම අපේ‍්‍රල් මස 07වන දින සළකා බැලීමට නියමිතය. 

මිට පෙර ද මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ඇප ඇයදුම් අවස්ථා කිහිපයක් ප‍්‍රතික්ෂේප වූ අතර එය අභියෝගයකට ලක් කරමින් ඔහු ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් ද මහාධිකරණය විසින් මීට පෙර ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

 

නව අදහස දක්වන්න