ආපදාවන්හිදී රජයට විශාල වියදමක් දැරීමට සිදුවුණා | දිනමිණ

ආපදාවන්හිදී රජයට විශාල වියදමක් දැරීමට සිදුවුණා

උදුලා පීරිස්

පසුගිය ආපදා වලදී රාජ්‍ය හා දේශීය සිවිල් සංවිධාන සමග මනා සම්බන්ධතාවක් ඇතිව කටයුතු නොකිරීම නිසා ආපදාවන්හිදී රජයට විශාල වියදමක් දැරීමට සිදුවුණු බවත් ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ රාජ්‍ය හා දේශීය සිවිල් සංවිධානයන්හි ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කළ වැඩමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවෙමිණි.

මේ වැඩමුළුව ඊයේ (06) කොළඹ 07,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

රජය මගින් ආරම්භ කළ මේ ව්‍යාපෘතිය තුලින් ආපදා වලක්වාගැනීමට බොහෝ ඉඩකඩ සැලසෙනු ඇතැයිද අමාත්‍යවරයා අවධාරනය කළ අමාත්‍යවරයා පසුගිය ආපදා තත්වයන් වලදී ජීවිත හා දේපල විශාල ලෙස විනාශ වුණු බවත් ඒ තත්වය අවම කිරීමට මේ වැඩ පිළිවෙල තුලින් හැකිවනු ඇතැයිද කීය.

මෙම වැඩමුළුව සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආසියානු පෙර සූදානම් මධ්‍යස්ථානය සහ සිවිල් සංවිධාන සම්බන්ධ කරගෙන ව්‍යාපෘති සැලසුම් සකස් කරනු ලැබිණි.

අදාල පාර්ශව කරුවන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබාගැනීම මෙහිදී සිදු කෙරුණු අතර ඒ සඳහා රාජ්‍ය ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්,රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලික අංශ, මාධ්‍යවේදීන්,විශ්ව විද්‍යාල නියෝජිතයින්,ග්‍රාමීය මට්ටම දියුණු කරන සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන සම්බන්ධ කරගෙන පැවැති වැඩමුළුව ඉදිරියට ගෙනවිත් අදහස් ලබා ගැනීම සිදු කෙරිණි. අදාල ව්‍යාපෘතිය සමාජගත කිරීමේ වැඩ මුළුවේදී එක් මාතෘකාවක් ඔස්සේ අදහස් හා යෝජනා ලබාගන්නා ලදි. ආපදා තත්වයන් ඇතිවීමට පෙර සූදානම් තත්වය වෙනුවෙන් විශේෂයෙන් මෙහිදී අවධානය යොමු කර තිබූ අතර මේ අදහස් හා යෝජනා ශ්‍රී ලංකාව වැනි රටකට බොහෝ උචිත වනු ඇතැයිද අමාත්‍ය අනුර ප්‍රියදර්ශ න මහතා කීය. මේ වැඩ පිළිවෙල රටවල් හයක ක්‍රියාත්මක වනු ඇතැයි අනාවරනය කළ අමාත්‍යවරයා

මෙරට පෙර ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් රජයක් ලෙස විශාල වියදමක් දරනු ලැබූ අතර ඒ තත්ත්වයෙන් වැලකීමට මේ ව්‍යාපෘතිය හේතු වනු ඇතැයිද කීය.ආපදාවකදී රජයට තනිව මුහුණ දිය නොහැකි බැවින් සියලුම පාර්ශව කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමට විෂයභාර ඇමැතිවරයා ලෙස තමා තීරණය කළ බවත් කීය. ආපදා තත්ත්වයකදී අදාල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන වල අවශ්‍යතාවය පෙන්වා දුන්ඇමැතිවරයා ඔවුන්ගේ දායකත්වයේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන්නේය. මේ නිසා ආපදා තත්වයන් හදුනාගැනීමත් ඔවුන්ගේ අදහස් ලබාගෙන ඒ ‍ වෙනුවෙන් සක්‍රියව කටයුතු කිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතුව ඇති නිසා රජයක් ලෙස මේ වැඩපිළිවෙල ආරම්භ කළ බවත් කීය. මේ නිසා ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය,රාජ්‍ය ආයතන,සිවිල් සංවිධාන,පොලීසිය,ත්‍රිවිධ හමුදාව ඇතුළු සෙසු ආයතන වල සහයෝගය අත්‍යවශව ඇතැයිද අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

නව අදහස දක්වන්න