යුද හමුදා අවුරුදු උලෙළ මහ ඉහළින් | දිනමිණ

යුද හමුදා අවුරුදු උලෙළ මහ ඉහළින්

විජයානි එදිරිසිංහ

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ සිංහල අලුත් අවුරුදු උළෙල මහත් අභිමානවත් අයුරින් කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි ‍යුද්ධ හමුදා ක්‍රිඩාංගණයේදි දවස පුරා පැවැත්විණි,

යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අවුරුදු උත්සවයට යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම හමුදා සාමාපිකයෝ විවිධ තරග රාශියකට සහභාගි වි ජයග්‍රහණයන්ද ලබා වටින ත්‍යාග දිනා ගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනාද සිල්වා මහත්මිය ඇතුළු එම සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ද ජ්‍යෙෂඨ හමුදා නිලධාරීන්ද කැටුව යූද්ධ හමුදාපතිවරයා එම ක්‍රිඩාංගණයේ ඉදිකර තිබූ ගැමි ගෙදරට ගිය අතර ගැමි ගෙදර සිටි ගැමියෝ ඔවුනට බත බුලතින් සංග්‍රහ කිරිම මෙම අවුරුදු උත්සවයේ සිදුවු අපූරු සිරිතක් මෙන්ම කොළඹ වැනි පෙදෙසක දක්නට නොලැබෙන දර්ශනයක්ද විය. ගමේ ගොඩේ නිවෙස්වල සිදු කෙරෙන ගැමි ක්‍රිඩා රැසක්ද සමඟ පැවති මෙම අවුරුදු උත්සවය අවසානයේදී යුද්ධ හමුදා අවුරුදු කුමරා සම අවරුදු කුමරිය තේරීමද සිදු කෙරුණි.

මෙහිදී යුද්ධ හමුදාපතිවරයා ඇතුළු පිරිස ගැමි ගෙදරට ගොස් සිංහල් සිරිත්වලට අනුව වැඩ අල්ලා ආහාර අනුභව කළ අවස්ථාව ජායාරූපවෙක් දැක්වෙයි.

ජායාරූපය ගයාන් පුෂ්පික 

නව අදහස දක්වන්න