ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ පහසුවට වැසිකිළි හා කසළ බඳුන් පිරිනමයි | දිනමිණ

ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ පහසුවට වැසිකිළි හා කසළ බඳුන් පිරිනමයි

 ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන වන්දනා කරුවන්ගේ පහසුව සඳහා හැටන් නල්ලතන්නිය හා ඒ අවට ස්ථාන කීපයක ස්ථාපිත කිරීම සඳහා වැසිකිළි හා කසළ බඳුන් කීපයක් පරිත්‍යාග කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

නල්ලතන්නියේ වෙළෙඳ සංගමය මඟින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම උපකරණ වෙළෙඳ සංගමය වෙත රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමකින් යුත් කසළ බඳුන් 50ක් සහ නවින පන්නයේ වැසිකිළි පද්ධති කීපයක් ප්‍රදානය කෙරිණි.

මෙම උපකරණ ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගයේ විහාරස්ථාන 2කට නල්ලතන්නිය පොලිස් ස්ථානයට හා පිවිසෙන මාර්ගයේ තවත් ස්ථාන කීපයක මෙම කසල බඳුන් හා වැසිකිළි ස්ථාපිත කිරීම සඳහා පරිත්‍යාග කැරිණි.

කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලීමෙන්තු මන්ත්‍රී කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස ක්‍රියාවට නැඟුණු අතර,ඊට ව්‍යපාරිකයන් කීප දෙනකු ස්වකැමැත්තෙන් සහයෝගය පළකර තිබුණී.

ඡායාරූපය - රඹුක්කන උතුර සමූහ

නව අදහස දක්වන්න