ක්‍රිස් ගේල් විස්සයි20 ලකුණු 10,000යි | දිනමිණ

ක්‍රිස් ගේල් විස්සයි20 ලකුණු 10,000යි

 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් පෙරේදා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල නියෝජනය කරමින් ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 77ක් ලබා ගැනීමත් සමග ඕනෑම ආකාරයක විස්සයි20 තරග බිමේ ලකුණු දසදහස සම්පූර්ණ කළ පළමු පිතිකරුවා ලෙස වාර්තාපොතට එක්විය.

පන්දු 38කින් ලකුණු 77ක් රැස් කළ ඔහු මෙවර අයි.පී.එල්. තරගාවලියේදී අර්ධ ශතකයක් රැස් කළ පළමු අවස්ථාව මෙය වූ අතර රෝයල් චැලෙන්ජර්ස් පිල තරගය ජයගත්තේ ලකුණු 21කිනි. මෙවර අයි.පී.එල්.තරගාවලියට එක්වෙද්දී ක්‍රිස් ගේල්ට ලකුණු දහදහසේ වාර්තාවට අඩුවී තිබුණේ ලකුණු 63ක් පමණි.

ක්‍රිස් ගේල් විස්සයි20 තරග බිමේ ලකුණු දසදහස සම්පූර්ණ කරද්දී කිසිදු පිතිකරුවකුට ලකුණු 8,000 සීමාව පසුකිරීමට අසමත්වීම කැපී පෙනේ. දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 7524ක් ලබා සිටින අතර ඕස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හොග් ලකුණු 7338ක් ලබා තුන්වැනි තැන පසුවෙයි. ඕස්ට්‍රේලියාවේහිම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිවුවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 7156ක් රැස් කරමිනි. 

නව අදහස දක්වන්න