බදුලු ඔය හරහා ඇති අබලන් පාලම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට | දිනමිණ

බදුලු ඔය හරහා ඇති අබලන් පාලම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ 2 කණුව අසලින් බදුලු ඔය හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව මහජනයාට ගමන් කිරීමට අපහසුව ඇති බව වාර්තාවීමෙන් පසු, ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්. පී. ජයසිංහ මහතා එම ස්ථානයට ගොස් එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව, ආණ්ඩුකාරවරයා වහාම එම පාලමේ පෞරාණික බව ආරක්ෂා වන පරිදි අලුත්වැඩියා කිරීමටත්, ඒ වෙනුවට නව පාලමක් ඉදිකිරීමට ඇති හැකියාව සොයාබලා කටයුතු කරන ලෙසත්, ප්‍රාදේශීය ඉංජිනේරුවරයාට සහ පළාත් පාලන ඉංජිනේරුවරයාට උපදෙස් දී ඇත.

මේ අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් එච්. එම්. සෝමතිලක, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරි කීර්ති දසනායක, ප්‍රාදේශීය මාර්ග ඉංජිනේරු ආර්. එම්. ඒ. එස්. රත්නායක, හාලිඇළ ප්‍රාදේශීය සභා කාර්මික නිලධාරි ආර්. එම්. සුනිල් ශාන්ත, මහවත්තේගම ග්‍රාම නිලධාරි ඇතුළු නිලධාරීහු සහභාගිවූහ.

ඡායාරූප - දෙමෝදර ආර්. එම්. සෝමරත්න 

 

නව අදහස දක්වන්න