වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් | දිනමිණ

වර්ජනවලට මුහුණ දෙන්න සූදානම්

සන්ධ්‍යා කරුණාරත්න

රජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කරන පාදඩ වර්ජනවලට මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කරුණු හෙළි කර ඇති බවත් ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති ව්‍යාපාර ඉදිරියේ දී පවත්වන බව කියන වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. වෙසක් පොහොයෙන් පසු වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සුදානම් වන බව මාධ්‍යයෙහි පළ කර තිබූ බව ද ඇමැතිවරයා පැවැසීය.

2015 ජනවාරි 08 වැනි දා මනුෂ්‍ය ඝාතකයන්, හොරුන් පරාජයට පත් කළ බවත් එම පිරිස යළි බලයට ගෙන ඒමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දරන උත්සාහය පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් ඇමැතිවරයා පවසයි.

වෙසක් පොහොයට පසු වර්ජන සිදු කරන බවට ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් සිදු කරන එකම ප්‍රකාශය මත රජය පෙරළා දැමීමේ උත්සාහයක් ඇති බව මනාව ඔප්පු වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න