වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවෝ 600කට නිදහස | දිනමිණ

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවෝ 600කට නිදහස

බුද්ධිකා ඉඹුලාන

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවෝ 600කට අධික පිරිසක් නිදහස ලබති.

මේ අතරින් සිරකරුවන් සීයක් වූ වැඩිම පිරිස නිදහස ලබන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. කුරුවිට බන්ධනාගාරයෙන් සිරකරුවෝ 78ක්ද මීගමුව බන්ධනාගාරයේ සිරකරුවෝ 53ක්ද, කළුතර බන්ධනාගාරයෙන් සිරකරුවෝ 43ක්ද ආදි වශයෙන් දිවයිනේ බන්ධනාගාර රැසකින් මෙලෙස නිදහස ලබති.

මෙම සිරකරුවෝ දඩමුදල් ගෙවාගත නොහැකි, මත්පැන් සම්බන්ධ වැරැදි ඇතුළු සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවූවෝ වෙති. මෙයට අමතවර තම සිරදඬුවම් කාලයෙන් වසරකට දින 7ක් බැගින් අඩු කළ, දඬුවම් සමා කාලයක් වෙසක් පෝය නිමිත්තෙන් හිමි වූ රැඳවියෝද මෙම පිරිසට ඇතුළත් වෙති.

නව අදහස දක්වන්න