හම්බෙගමුව රක්ෂිතයක ගංජා හේන් 2ක් වටලයි | දිනමිණ

හම්බෙගමුව රක්ෂිතයක ගංජා හේන් 2ක් වටලයි

සියඹලාණ්ඩුව විශේෂ ගුණපාල ලියනගේ

හම්බෙගමුව කිතුල්කොටේ රක්ෂිතයේ රහසිගතව වගාකර තිබූ අක්කර 3/4 පමණ ගංජා හේන් දෙකක් පසුගියදා වැටලූ මොනරාගල සුරාබදු නිලධාරීන් පළමු හේනේ වගා කර තිබූ අඩි 9ක් පමණ උස ගංජා ගස් 8520ක්ද දෙවැනි හේනේ අඩි 9ක් පමණ උස ගංජා ගස් 8490ක්ද ගලවා ගිනි තබා විනාශ කර එහි සිටි සැකකරුවන් දෙදෙනනකු අත්අඩංගුවට ගෙන එම හේන්වල ගංජා සාම්පල් සමඟ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් අප්‍රේල් 28දා සිට අගෝස්තු 31 දක්වා සැකකරුවන් දෙදෙනා ප්‍රජා සේවයේ යොදවනු ලැබීමට නියෝග කළ බව මොනරාගල සුරාබදු ස්ථානාධිපති ජේ.එම්. තිලකරත්න මහතා පැවසීය.

ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි ද සිල්වා සුරාබදු අධිකාරී විජිත ගමනායක මහත්වරුන්ගේ උපදෙස් මත සුරාබදු ස්ථානාධිපති ජේ.එම්. තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු නිලධාරී වසන්ත කුමාර ඒ.එම්. ජයසුන්දර සුරාබදු නියාමකවරුන් සමඟ එක්ව වැටලීම් කර තිබිණි. 

නව අදහස දක්වන්න