ගලෙන්බිදුණුවැව ඇතැම් ගොවින්ට පොහොර සහනාධාරය ෙම ෙතක් ලැබී නෑ | දිනමිණ

ගලෙන්බිදුණුවැව ඇතැම් ගොවින්ට පොහොර සහනාධාරය ෙම ෙතක් ලැබී නෑ

 පසුගිය මාස්කන්නයේදි අපට පොහොර සහනාධාර මුදල් ලැබුනේ නෑ. පොහොර සහනාධාර මුදල් ලබා දීමේදි වංචාවක් සිදුවී ඇද්ද කියා අපිට සිතෙනවා යනුවෙන් අලුත්දිවුල්වැව ගොවි මහතකු වන නාමල් අබේවික්‍රම මහතා පැවසිය. ඔහු මේ බව පැවසුවේදී ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් මාග්‍රට් පී. කුඹුරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අලුත්දිවුල්වැව අවමංගල්‍යාධාර සමිති රැස්විම් ශාලාවේදි පැවති 2017 අලුත්දිවුල්වැව යල කන්නරැස්විම පැවති අවස්ථාවේදිය.

වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් අබේවික්‍රම මහතා මෙසේද පැවසිය. පසුගිය මාස් කන්නයේදි පොහොර සහනාධාර මුදල් ලබාදිම සදහා නාම ලේඛන සකස් කිරීමේදි අපේ නම් එම නාම ලේඛනයෙන් ඉවත්වී තිබෙනවා. කුඹුරු හිමියන්වන අපේ නම් පොහොර සහනාධාර නාම ලේඛනයෙන් ඉවත්විම සම්බන්ධයෙන් අපි කෘෂිකර්ම පර්යේෂණ සහකාර වරියගෙන් කළ විමසුමකදී පරිගණකයේ ඇතිවු දෝෂයක් නිසා අපේ නම් ඉවත්වි ඇතිබව ඇය පැවසුවා. ඒම පොහොර සහනාධාර මුදල් ලබාගැනිමට නැවත ඉල්ලිම්කරන ලෙසට ඇය අපට පැවසුවා. දැන් මාස් කන්නය අවසාන්වි වී අස්වනු නෙළීමේ කටයුතු අවසන්වෙලත් ඉවරයි. එහෙත් අපට මේ වනතෙක් පොහොර සහනාධාර මුදල් ලැබුනේනැ.

ආර්. රණසිංහ ගොවිමහතා -

මගේ කුඹුරු අක්කර තුන්කාලක පසුගිය මාස් කන්නයේදි වි වගාකළා. එහේත් මට පොහොර සහනාධාර මුදල් ලැබුණේ කැඹුරු අක්කර කාලකට පමණයි. මේ පිළිබඳ සොයා බලනලෙසට අපි ප්‍රදේශිය ලේකම්වරියගෙන් ඉල්ලාසිටිනවා.

අලුත්දිවුල්වැව කෘෂිකර්ම පර්යේෂණ සහකාර නන්දාවති මහත්මිය -

පොහොර සහනාධාර මුදල් ලබාදිමට සකස්කල නාමලේඛනයේ නම් නැති ගොවින්ට නැවත පොහොර සහනාධාර මුදල් ලබාගැනිමට ඉල්ලුම්කරන ලෙසට අපි ඔවුන් දැනුවත්කළා .මේ වනවිට එම පොහොර සහනාධාර මුදල් ඉල්ලුම්කල ගොවින්ට ඔවුන්ගේ බැංකුවල ගිණුම්වලට මුදල් බැරකර තිබෙනවා.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් මාග්‍රට් පී. කුඹුරගේ මහත්මිය -

පොහොර සහනාධාර මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවානම් ගලෙන්බිදුණුවැව ගොවිජනසේවා නිලධාරියා හමුවි එම ප්‍රශ්නය විසඳාගන්න . එසේ නොහැකි වුණොත් මා හමුවන්න

සටහන හා ඡායාරුපය
ගලෙන්බිදුණුවැව සමූහ ජයන්ත වාසුලසේන

නව අදහස දක්වන්න