මුහමලේ වෙඩි තැබීම ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් | දිනමිණ

මුහමලේ වෙඩි තැබීම ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක්

මුහමලේ ප්‍රදේශයේදී පොලිස් ජංගම රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වූ වහාම එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්.

පොලිස් කණ්ඩායම් 05ක් සහ යුද හමුදාව විසින් විමර්ශන සිදුකරගෙන යන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

එම වෙඩි ප්‍රහාරයක් පොලිස් ජංගම රථයට වැදී නැතැයි ද හෙතෙම පැවසීය.

නව අදහස දක්වන්න