තරුණ මානසික සෞඛ්‍යයට අහිතකරම මාධ්‍ය ඉන්ස්ටග්‍රෑම් | දිනමිණ

තරුණ මානසික සෞඛ්‍යයට අහිතකරම මාධ්‍ය ඉන්ස්ටග්‍රෑම්

බී. බී. සී

වර්තමානයේ තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍යයට අහිතකරම මාධ්‍ය ජාලය ඉන්ස්ටග්‍රෑම් බව සමීක්ෂණයකින් හෙළි වේ. වයස අවුරුදු 14-16 අතර තරුණ තරුණයන් 1479 ක් යොදා ගනිමින් බ්‍රිතාන්‍යයේ සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

මෙහිදී සමීක්ෂණවලට ලක්ව ඇත්තේ සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලාය. එහි දී යූ ටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට්, ෆේස් බුක් සහ ට්විටර් ආදි සමාජ ජාලා තරුණ තරුණියන් කෙරෙහි කෙසේ බලපානු ලබන්නේ දැයි විමසා ඇත.

මෙහිදී හෙළි වී ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ යූ ටියුබ්වලින් බවය. ට්විටර් සහ ෆේස් බුක් ජාල එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමි කර ගෙන තිබේ. වැඩිම සෘණාත්මක බලපෑම සිදු වන්නේ ඉන්ස්ටග්‍රෑම්වලින් බවත් ස්නැප්චැට්වලින් එවැනිම බලපෑමක් සිදු වන බවත් මෙහිදී අනාවරණය වී ඇත. 

නව අදහස දක්වන්න