උසස්පෙළ විභාගය අගෝස්තු 8 සිට | දිනමිණ

උසස්පෙළ විභාගය අගෝස්තු 8 සිට

මෙවර අ.පො.ස උසස්පෙළ විභාගය 2017 අගෝස්තු මස 08 දින සිට 2017 සැප්තැම්බර් මස 2 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. 

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ දිවයිනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230ක පැවැත්වීමට සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 315227ක් පෙනී සිටීමට නියමිත අතර ඉන් 23943 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 77284 පෞද්ගලික අයදුම්කරුවන් වේ.

තවද මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යටතේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3014 ක දී පැවැත්වීමට සියලු කටයුතු මේ විට සූදානම් බවත් විභාගය සඳහා අයදුම්කරුවන් 356728ක් පෙනී සිටීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නව අදහස දක්වන්න