බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රෙද්ශය දින තුනක් තිස්සේ විටින් විට ගිනිගැනිම නිසා අක්කර පනහක පමණ භුමියේ ගස් වැල් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසින් පවසයි.
බුද්ධදාස රජුගේ ඔසු උයන වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,වල්ඌරන්,මිමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලබ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.
සෑම වසරකම නියං කාලය වන ජුලි සිට සැප්තැම්බර් මාස වලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වීයන බව ගම්වාසීන් පවසයි.
අදහස් 1ක් ඇත
ginna niwanna wahama! ( mage papuwa pichhenawa!)
නව අදහස දක්වන්න