ක්‍රීඩාව අන්තර්ජාතික මට්ට‍මට නැංවීමට යටිතළ පහසුකම් සංවර්ධනය කරනවා | දිනමිණ

ක්‍රීඩාව අන්තර්ජාතික මට්ට‍මට නැංවීමට යටිතළ පහසුකම් සංවර්ධනය කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

ක්‍රීඩා ‍‍පහසුකම් සහිත ‍හෝටලයක් ඇති කිරීම වැදගත්
- අැමැති රවුෆ් හකීම්

පුහුණු ශ්‍රමිකයන් බිහිකළ‍හොත් විශා‍ල ආදායමක් ලැබෙනවා
- ඇමැති චන්දිම වීරක්කොඩි

අපි තෘත්‍රීක උප‍දේශක මණ්ඩලයට දේශපාලකයන් පත් ක‍ළේ නැහැ
- ඩලස් අලහප්පෙරුම

අන්තර්ජාතික මට්ට‍මට ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (08) ප්‍රකාශ ක‍‍ළේය.

90 දශක‍යේදි සුගතදාස ක්‍රිඩාංගණය නිසා ශ්‍රීලංකා‍වේ මළල ක්‍රීඩා ක්‍ෂේත්‍රය ඉදිරියට පැමැණි බවත් එය පවත්වා‍ගෙන යාමට එම ක්‍රීඩා සංකීර්ණය පුළුල් සංවර්ධනයකට නතු කළ යුතු බවත් ජය‍සේකර මහතා ‍පෙන්වා දුන්නේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (08) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම විවාදයට ගැණින.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා- 1999 අංක 14 දරන සුගතදාස දීර්ඝ නාමය ‍වෙනස් කිරිමට අප බලා‍පො‍රොත්තු ‍‍වෙනවා. ක්‍රීඩා ආර්ථිකයට ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට අප බලා‍පො‍රොත්තු ‍වෙනවා. ‍ප්‍රේමදාස ජනාධිපතිතුමා ‍මේ ක්‍රීඩාංගණය නවීන තත්ත්වය ‍ගෙනාවා. එදා දකුණු ආසි‍‍යා‍වේ ‍හොඳ තැනකට ‍ගෙනඒමට ඊට හැකියාව ලැබුණා. 1995 ක්‍රීඩා හා සමෘද්ධි අමාත්‍යාංශය යට‍තේ අධිකාරියක් ‍ලෙස කටයුතු කළා. දැනට පවතින්නේ 1999 පනත යට‍තේයි.

සුගතදාස ක්‍රීඩංගණ‍යේ අන්තර්ජාතික ‍මෙන්ම ජාතික මට්ට‍මේ ක්‍රීඩාවලී ගණනාවක් පවත්වා ‍ ති‍බෙනවා. ‍‍නගර‍යේ ති‍බෙන පන්දහසකට ඉදගන්න පුළුවන් එකම තැන ‍මේ ක්‍රීඩාංගණයයි. ‍දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන, ප්‍රසංග පැවැත්වීමට කටයුතු කළා. අයිෆා උ‍ළෙල පැවැත්වු‍ණෙත් සුගතදාස ක්‍රීඩාංගණ‍යේදීයි. දැනට එම ක්‍රීඩාංගාණය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර‍ගෙන යනවා. රගර් හා පාපන්දු ක්‍රීඩාකිරීමට හැකිවන පරිදි සංවර්ධනය කර අවසන්. ලබන ‍දෙසැම්බර්වන විට කෘත්‍රීම ධාවන පථයත් ක්‍රීඩකයින්ට ලබාදීමට අප බලා‍පො‍රොත්තු ‍වෙනවා. ගෘහස්ථ ක්‍රීඩාංගණය දියුණු කිරීමටත් අප බලා‍පො‍රොත්තු ‍වෙනවා. අසන ප්‍රමාණය වැඩි කිරිමට කටයුතු කරනවා. පිහිණුම් තටාකය සංවර්ධනය කිරීමටත් කාල ගණිත උපකරණ නවීන මට්ටමින් ප්‍රතිසංස්කරණය කරනවා. අපි දිස්ත්‍රික්ක 25ටම ‍මේ වැනි ක්‍රීඩාංගණ විවෘත කිරීමට බලා‍පො‍රොත්තු ‍වෙනවා.

මීට ‍පෙර කෘත්‍රීම ධාවන පථය නිර්මාණ‍යේ දී විශාල අක්‍රමිකතා ‍‍‍වෙලා ති‍බෙනවා කියා අපි ප්‍රකාශ කළා. ඒ පිළිබඳ දැනට නීතිපති ‍දෙපාර්ත‍මේන්තුවට ‍යොමු කර ති‍බෙනවා. මුදල් ප්‍රමාණය ගණනය කළ පසු නඩු පැවරීමට කටයුතු කිරිමට කටයුතු කරනවා.

අනුර දිසානායක මහතා - දියගම රාජපක්ෂ ක්‍රිඩාංගණය ‍‍‍නෛතික අයිතිය ගැන විවාදයක් ති‍බෙනවා. දියගම ක්‍රීඩාංගණය අයිතිය ‍කො‍‍හොමද නිරාකරණය කර ති‍බෙන්‍නේ.

ජය‍සේකර මහතා - ‍මෙය පවරා ගැනීම සඳහා කටයුතු අවසන්. එය පවරා ගැනීමට අක්කර 125ක් ඇතුළත් ‍වෙනවා. ‍මෙය තිබු‍ණෙ ගුවන් විදුලි සංස්ථාවටයි. එහිත් ‍පොඩි ‍පොඩි අඩුපාඩුකම් ති‍බෙනවා. එය පවරා ගැනීම දැනට සිදු කරමින් ති‍බෙනවා. ‍මේ ක්‍රීඩාංගණය ඉදිකිරී‍මේ දී විවිධ පාර්ශ්වයන් මුදල් ලබා දී ති‍බෙනවා. ඉඩම් ‍කොමසාරිස් ජනරල්වරයා දැනට ඉඩම අපට පවරා ති‍බෙනවා.

ලංකා‍වේ ති‍බෙන පළාත් ක්‍රීඩාංගණ හා දිස්ත්‍රික් ක්‍රීඩාංගණ ඉදිකිරිමට අප කටයුතු කරනවා. මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා ඇමැතිවරයා ‍ලෙස ‍මේ කටයුත්ත ආරම්භ ක‍ළේ. එය අප ඉදිරියට ‍ගෙන යනවා. පළාත් ක්‍රීඩාංගණ නඩත්තු කිරී‍මේ දී පහසුකම් අඩු බවක් ‍පෙ‍නෙන්නට ති‍බෙනවා. කියු‍රේටස්ලා නැහැ. දැනුම ති‍බෙන පිරිස් නැහැ. ‍මේ සඳහා පළාත් සභාවලින් මුදල් ‍වෙන් කරන්න ආමාරුයි. ඒ නිසා ආනගත‍යේ දී සුගතදාස ක්‍රීඩාංගණ අධිකාරිය යටත‍‍‍‍ට පළාත් දිස්ත්‍රික් ක්‍රීඩාංගණ ගැනීමට කටයුතු කරනවා. නමුත් පළාත් සභාවලට ති‍බෙන අයිතිය එ‍ලෙසම පවත්වා ගන්නවා. එම අයිතිය අප පවරා ගන්නේ නැහැ.

නි‍යෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණි‍යේය.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා‍ - ජර්මන් කාර්මික පුහුණු ආයතන විසින් විශාල ‍සේවාවක් කළ ආයතනයක්. ‍මේ ආයතනය 1957 සංස්ථාගත කළ ගමනා ගමන අධිකාරිය යට‍තේ තමයි පවත්වා‍ගෙන ගි‍යේ. වෘත්තීය පුහුණුව ලබා‍දෙන නිපුණතා සහිතක ලබා‍දෙන ආයතන එක අමාත්‍යාංශයක් යටතට ‍ගෙනඒම නිසා වෘත්තීය පුහුණු අමාත්‍යාංශ යට‍‍තට ‍ගෙනවා. ජර්මානු කාර්මික ආයතන‍යේ පුහුණුවීම්වලට විශාල ඉල්ලුමක් ති‍බෙනවා‍‍.

පසුගිය වස‍රේ කිලි‍නොච්චි‍යේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනක් පිහිටුවිමට අප කටයුතු කළා. එම ප්‍රදේශවල විශාල ඉ‍ගෙනුම් පුහුණුවීම්වල නිරත වන්නන් සිටිනවා. එහි ‍නේවාසිකාගාරයක් ඉදිරිකිරීම අප මුදල් ‍වෙන් කිරිමට බලා‍පො‍රොත්තු ‍වෙනවා. ‍මේ ර‍ටේ දස ‍දෙසින් සිටින දරුවන්ට ‍මෝටර් කාර්මික ක්ෂේත්‍ර‍යේ අව‍බෝධය ලබා‍දෙන්න කටයුතු කරනවා. දකුණු පළාත තුළ ‍මේ වැනි ආයතනයක් ඉදිකිරිමට අප බලා‍පො‍රොත්තු වන අතර පළාත් මට්ටමින් තවත් ආයතන හයක් පිහිටුවීමට අප කටයුතු කරනවා.

ර‍ටේ ති‍බෙන ‍මෝටර් රථ දිහා බැලූ විට ‍මේ පුහුණූම් ප්‍රමාණවත්ද කියා අපට සි‍තෙනවා. ඒ නිසා ‍මේ ආයතන තවත් වැඩිදියුණු කළ යුතුයි. ඔරු‍ගොඩවත්ත ජපන් තාක්ෂණ ආයතනය නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර ලබන මාස‍යේ දී විවෘත කරනවා. වි‍දේශ රැකියා ක්‍ෂේත්‍ර‍යේ පුහුණු ශ්‍රමිකයින් බිහිකළ‍හොත් විශා‍ල ආදායමක් අපට ලබාගත හැකියි. ඒ නිසා ‍මේ අයාතනය සංස්ථාගත කරලා විශාල පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමට කටයුතු කළ යුතුයි. ‍

මෝටර් රථ ක්‍ෂේත්‍ර‍යේ ති‍බෙන සමාගම් එක්ව එකතු‍වෙලා පුහුණුව ලබාදීමට අප කටයුතු කරනවා. ‍මේ ආයතනය විධිමත් කර හැකියාව ති‍බෙන තරුණ තරුණියන්ට පුහුණුව ලබාදීමට අප කටයුතු කරනවා. එක‍ළොස් වැදෑරුම් වැඩපිළි‍වෙළක් යට‍තේ කටයුතු කරන අතර, තරුණයින්ට එක සාක්කුව පාස්පෝට් එක දමා‍ගෙන අ‍නෙක් සාක්කු‍වේ ස්කිල් පාස්පෝට් එක දමා‍ගෙන ඕනෑම ආයතනයට ‍ගොස් ‍සේවය කිරීමේ වැඩපිළි‍වෙළ අප නිර්මාණය කරනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (‍දෙජාස)- කිලි‍නොච්චි ක්‍රීඩාංගණය 2009 සිට සංවර්ධන කරලා නැහැ. 2009 සිට එම ක්‍රීඩාංගණය සංවර්ධනය කරනවා කියා කිව්වාට එ‍සේ වී නැහැ. කිලි‍නොච්චි‍යේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන‍යේ සාර්ථකව යනවා කියා ඇමැතිතුමා කිව්වා. නමුත් ‍මේ ආයතනය ‍ගොස් බැලූ විට කිලි‍නොච්චි‍යේ දරුවන් යන‍්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ‍වෙනත් දිස්ත්‍රික්කවල අයයි ‍මෙහි ඉ‍ගෙන ගන්නේ. ‍මොකද කිලි‍නොච්චි‍යේ ජර්මානු කාර්මික ආයතනයට බඳවා ගන‍්නේ (NVQ) සහතිකය හතරවන මට්ට‍මේ සිටයි. එ‍හෙම දරුවන් තරුණයින් අපට නැහැ. ‍මොකද අපි වසර තිහක් යුද්දයක හිටි ජනතාවක්. උතු‍රේ මාර්ග ඉදිකිරී‍මේ ‍හෝ කුමන සංවර්ධන වැඩකටම ‍‍ශ්‍රමිකයින් එන්‍‍‍නේ දකු‍ණේ සිටයි. එය නැවැත්විය යුතුයි.

වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගබණ්ඩාර මහතා - ‍ගමනාගමන අංශයට ‍සේවා සැපයීමට ‍වේරහැර කාර්මික අභ්‍යාස බිහිකළා. ඉන්පසුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය දැන් ති‍බෙන කටුබැද්දේ ස්ථාපිත කළා. ඉන්පසුව පාර්ලි‍මේන්තු ස්ථාපිත වූ ආයතනයක් ‍ලෙස ස්ථාපිත කළා. ‍මෙය පවත්වා‍ගෙන ගි‍යේ උප‍දේශක මණ්ඩලයක් විසින්. ‍මෙහි විනය ‍හොඳින් පවත්වා‍ගෙන යනවා. සුවි‍ශේෂි ආයතනක් ‍ලෙස ‍මේ ආයතනය ඉදිරි‍යෙන් ති‍බෙනවා.

රැකියා ‍නොලැබුණා කියා ආයුධ අතට ගන්න කාටවත් අයිතියක් නැහැ. තවත් ‍කෙ‍‍නෙක් ඝාතනය කරන්න අයිතියක් නැහැ. ශ්‍රීධරන් මහතා කිව්ව ‍‍විදිහට අපි ‍මේ සියල්ල විනාශ කළා කියලා. අපි විනාශ ක‍ළේ නැහැ. ඔවුන් විසින් තමයි කර්මාන්ත ශාලා විනාශ ක‍ළේ. ඒවා යථාතත්ත්වය පත්කරන්න කලක් යනවා. ‍මේ ප්‍රදේශ‍යේ තරුණයින්ට අවස්ථාවක් ලැබී නැහැ කියන ‍චෝදනාව රජයට පවරනවා නම් එය අසාධාරණයි.

(NVQ) සහතික ක්‍රමය උතු‍රේ දකු‍ණේ සියලු තරුණයින්ට විවෘතයි. ඒ නිසා අතීත‍යේ තිබුණු තැන් අවුස්සමින් කටයුතු කිරීම වැඩක් නැහැ. ලබන 24 වැනිදා අගමැතිතුමා‍ගේ ප්‍රධානත්ව‍යෙන් තන්තිරිම‍ලේ දී ආරම්භ ‍වෙනවා ‍‍ලංකා‍වේ තුන්වන විශාල ජලාශයයි. ‍මෙය ඉතා පරිස්සමින් කරන ව්‍යාපෘතියක්. උමාඔය ව‍ගේ කඩිනමින් කරන එකක් ‍නොවයි. එයින් වව්නියාව, මන්නාර, යාපනයට ජලය ලබාදීමට විදුලිය ලබාදීමට ‍මෙමඟින් අප කටයුතු කරනවා. කුඩා වැව් 42කට ජලය ලබාදීමට අප කටයුතු කරනවා. ‍මේ ව්‍යාපෘතිය අනුරාධපු‍රේ ක්‍රියාත්මක වුණාට ප්‍රතිලාභ ලැ‍බෙන්නේ මන්නාරමට හා වවුනියා දිස්ත්‍රික්කවලටයි. අපි රජයක් හැටියට එක පැත්තකට විතරක් ‍නො‍වෙයි ර‍ටේ සියලුම තැන්වලට වැඩකරනවා.

වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා - ‍මේ පනත සකස් කිරීමට අප විශාල සකච්ඡාවට ගණනාවක් පැවැත්වුවා. ජර්මානු කාර්මික ආයතනය ‍වෙනම ආයතනයක් ‍ලෙස ස්ථාපිත කිරිමට පනත ‍ගෙනඒමට අපට හැකිවුණා. ‍මේ පුහුණු පාඨමාලාව හදාරා විශාල ප්‍රමාණයක් අදවන විට වි‍දේශගත වි සිටිනවා. ඔස්ට්‍රේලියා‍වේ ‍වෙනම නගරයක ඉන්නවා සි‍ලෝන් ජර්මන් ‍ටෙක්නිකල් කියා ති‍බෙනවා. එහි ‍මේ පාඨමාලාව හදාරාගිය අය එර‍‍ට ආර්ථිකයට ශක්තියක් කරන ගමන් අ‍පේ රටටත් විශාල ආර්ථික සහනයක් ලබා‍‍දෙනවා. ‍මේ පනත හදනවිට හිතන්න සිදු වුණා රත්මලා‍නේ ති‍බෙන කාර්මික ආයතනයට පමණක්ද කියා.

කි‍‍ලි‍නොච්චි‍යේ ති‍බෙන ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත සම්මත කරගන්නවාද කියා හිතන්න වුණා. කි‍‍ලි‍නොච්චිය අපි නයිටා ආයතනයට භාරදුන්නා. යුද්ධය නිමා වුණාට පසුව ජර්මානු රජ‍යෙන් එවකට තිබූ රජ‍යෙන් ඇහුවා ‍මොනවාද අවශ්‍ය සංහිඳියාව ඇති කරන්න. එවිට හිටපු ජනාධිපතිවරයා ඉල්ලු‍වේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලබා‍දෙන ‍ලෙසයි. ඒ අනුවයි ‍‍මෙම කිලි‍නොච්චි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ලැබු‍ණේ. එයට රැකියා ලැබු‍ණේ ඒ පළා‍‍තේ ඉන්න අයටයි. මාතර සි‍ලෝන් ජර්මන් ‍‍කර්මික අභ්‍යාස ආයතතනයට දකු‍ණේ පමණක් ‍නො‍වෙයි උතු‍රේ අයටත් ඉ‍ගෙනගැනීමට අවස්ථාව ලබා‍දෙන්න බලා‍පො‍රොත්තු ‍වෙනවා.

නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රාවුෆ් හකීම් මහතා - සුගතදාස ජාතික අධීකාරිය පිළිබඳ කතා කරන විට එය ඉතා වටිනා වත්කමක්. ක්‍රිකට් ක්‍රීඩාවට පස්‍‍සේ ජාත්‍යන්ර වශ‍යෙන් ශ්‍රී ලංකාවට යම් ප්‍රසංශාවක් ලැබුණා නම් ලැබු‍ණේ මළළ ක්‍රීඩා අංශයටයි. සුගතදාස අන්තර්ජාතික මළල ක්‍රීඩා පහසුකම නිසයි ‍මේ තත්ත්වය උදාවු‍ණේ. නමුත් එහි පහසුකම් ති‍බෙන්නේ ක්‍රීඩකයින් 175 ‍දෙනකුට පමණයි. නමුත් ‍මේ ආශ්‍රිතව ‍හොටල් සංකීර්ණයක් වත් නැහැ. මට ආරංචි වුණා නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක කාමර 500කින් යුත් ‍හෝටලයක් ඉදිකිරිමට සූදානම් බව. එය ඉතා වැදගත්. ‍මෙවැනි ක්‍රීඩා ‍‍පහසුක්ම සහිත ‍හෝටලයක් ඇති කිරීමට ඉතා අවශ්‍යයි. ‍ප්‍රේක්ෂකාගාරයත් පුළුල් කළ යුතුයි. අන්තර්ජාතක මට්ට‍මේ තරඟාවලියටන් සූදානම් ‍මේ වැනි අඩුපාඩු සපුරාගත යුතුයි.

දයාසිරි ජය‍සේකර මහතා - අපි 40, 000කට තරග නැරඹිය හැකි ‍ප්‍රේක්ෂකාගාරයක් ඉදිකිරිමට කටයුතු සැලසුම් කර ති‍බෙනවා.

හකීම් මහතා - එය ඉතා ‍හොඳ අවස්ථාවක් ‍වේවි. පාසල්වල ජවන හා පිටිය ක්‍රීඩා පැවැත්වීමට පහසුක්ම නැහැ. ඒ සඳහාත් අවධානය ‍යොමු කළ යුතුයි. ‍ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයත් අයිති සුගතදාස ක්‍රීඩාංගණයටයි. ජර්මානු කාර්මික අභ්‍යස ආයතන ඉතා වැදගත් ‍වෙනවා. අ‍පේ පළාතටත් එවැනි ආයතන වැදගත්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණ‍සේකර මහතා මුලසුනට පැමිණි‍යේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (එජනිස) - අප‍ගේ කාල‍යේ දී වෘත්තීය තෘත්‍රීක ආයතනවල උප‍දේශක මණ්ඩලයට ‍දේශපාලකයින් පත් ක‍ළේ නැහැ. එයට කරුණාරත්න පරණවිතාන හා මලිත් ජයතිලක යන මන්ත්‍රීවරුන් සාක්ෂි දරයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ආශිර්වාදයත් ලැබුණා. නමුත් ‍මේ ‍මො‍‍හො‍‍‍තේ දී පණ්ඩු බණ්ඩානාරයක මහතා පත්කිරීම පිළිබඳ අපට ගැටලුවක් ති‍බෙනවා. ‍පසුගිය වසර ‍දෙකහමාරතුළ ඇමැතිවරු තුන් ‍දෙ‍නෙක් පත් කර ති‍බෙනවා. එයත් ‍මේ ක්‍ෂේත්‍රයට ගැටලුවක්. මහින්ද රාජපපක්ෂ ජනාධිපතිතුමා‍ගේ කාල‍යේ වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයක් ඉදිකිරිමට කටයුතු කළා. ‍මේ ක්‍ෂේත්‍රයට එතුමා විශාල ‍සේවාවක් කළා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් ‍දේවානන්ද මහතා (ඊපීඩීපී) - ක්‍රීඩාව හරහා අ‍පේ ර‍ටේ සංහිඳියාව ඇති කිරිමට පුළුවන්. යුද සම‍යේ හා යුද සමයට පසුවත් ක්‍රීඩා තරඟවලට උතු‍රේ තරුණයින් හා නැ‍ගෙනහිර තරුණයින් අපි ‍‍‍යොමු කළා. දැන් ක්‍රීඩාවට උ‍තු‍රේ උනන්දුවක් දකින්න නැහැ. ක්‍රීඩාව දියුණු කිරීමට සියලු අංශ කටයුතු කළ යුතුයි. යාප‍න‍යේ ති‍බෙන ‍‍‍දො‍රෙඅප්පා ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීමට 2015 දී කටයුතු ආරම්භ කළා. ඒ සඳහා ඉන්දිය අගමැතිවරයා හා ලංකා‍වේ ජනාධිපතිවරයා සහභාගීවී සිටියා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉදුනිල් අමර‍සේන මහතා (එජාප) - ‍මේ පනත් ‍දෙක සඳහා අප එකඟ ‍වෙනවා. නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන්න අපට කටයුතු කරනවා. ‍මේමගින් සංචාරක කර්මාන්තයත් දියුණු ‍වෙනවා. පසුගිය රජය හදන්නන් වා‍ලේ ක්‍රීඩා පිටි නිර්මාණය කළා. ‍‍අ‍පේ ර‍ටේ ජාතික මුදල්වලින් හරක් ළඟින ස්ථාන ඉදිකළා ව‍ගෙයි.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවි‍පෙ) - ජර්මානු කාර්මික පුහුණු ආයතනය පිළිබඳ ජනතා විමුක්ති ‍පෙරමු‍ණේ ඡන්ද ‍පො‍රොන්දුවලට නම ‍යොදවන ආයතනයක්. එයින් ‍මේ රටට විශාල ‍සේවවාක් සපයා ගත හැකියි. ‍මේ ආයතන‍යේ පරිපාලනය බිඳවැටීම පිළිබඳ සෑම ‍දේශපාලනඥයින්ට පැමිණිලි කර ති‍බෙනවා. ‍මේ ආයතනය ‍කොළඹට හැර අ‍නෙක් පළාත්වල ස්ථාපිත කළ යුතුයි. සුගතදාස ක්‍රීඩාංගණ පනත සං‍ශෝධනය පිළිබඳ හා මිලදී ගැනීම් සම්බන්ධ ති‍බෙන පරස්පරතා පිළිබඳ අපට ගැටලුවක් ති‍බෙනවා. පසුගිය රජ‍යේ ක්‍රීඩා ඇමැතිවරයා‍ගේ ගසාකෑ‍මේ තැන තමයි සුගතදාස ක්‍රීඩාංගණය කියන්‍‍නේ. එය නිවරැදි කළ යුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගම‍ගේ මහතා (එජාප) - සුගතදාස ක්‍රීඩාංගණය කියා කියද්දි අපට සි‍තෙන්නෙ ‍කොළඹට පමණක් සීමා වී ති‍බෙන ‍දෙයක් හැටියටයි. නමුත් ‍මේ යට‍තේ නුවරඑළිය තුරඟතරග පිටිය, බෙලිඅත්ත වීරකැටිය පිහිණුම් තටාකය, බෝගම්බර පිටිය වැනි ‍දේවල් ‍මේ යට‍තට ගැ‍ණෙනවා. එය තවත් සංවර්ධනය කිරීමට ‍මේ පනත මඟින් හැකියාව ලැ‍බෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක ‍හේරත් මහතා (එජනිස) - වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පමණක් ‍නො‍වෙයි, උසස් අධ්‍යාපන හා අධ්‍යාපනය අමාත්‍යාංශ ඒකාබද්ධවයි තරුණයින්ට ‍හොඳ විධිමත් වැඩපිළි‍වෙළක් සකස් කර ගත හැකි‍වෙන්‍‍නේ. උසස් ‍පෙළ විභාගය ‍පෙනී සිටින අය‍ගෙන් 25, 000යි සරසවි යන්‍‍නේ. ඒ නිසා වෘත්තීය පුහුණුව ඉතාම වැදගත් ‍වෙනවා. ඒ සඳහා විධිමත් වැඩපිළි‍වෙළක් අවශ්‍යයි. ජර්මානු කාර්මික අභ්‍යාස ආයනතනය මඟින් ලබා‍දෙනන සහතිකය ඕනෑම රටක් පිළිගන්නවා.

මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී එන්. වියා‍ලේන්ද්‍රන් මහතා (‍දෙජාස) - අප‍ගේ ක්‍රීඩා ක්‍ෂේත්‍රය ජාතික මට්ට‍මේ සිට අන්තර්ජාතික මට්ටම දක්වා සංවර්ධනය කිරිමට නම් ‍මේ වැනි සුගතදාස ක්‍රීඩාංගණ ගණනාවක් ඇති කළ යුතුයි. ‍මේ ක්‍රීඩාංගණය සංවර්ධනය කළ යුතුයි. ග්‍රාමීය මට්ට‍මේ ක්‍රීඩාංගණ දියුණු කළ යුතු මට්ටමකයි අපි සිටින්‍‍නේ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප) - ගම්වල ඉන්න තරුණයින්ට අවස්ථාව ලබා‍දෙන්න ඕන. සුගතදාස ක්‍රිඩාංගණය සංකීර්ණය සංවර්ධනය කිරීම තුළින් ක්‍රීඩාව සංවර්ධනය ‍වෙනවා. කුරුණෑගලට විතරක් ක්‍රීඩාංගණ හදන්න එපා. අපිටත් ක්‍රීඩාංගණ ලබා‍දෙන්න.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාර්ස් නිර්මලනාදන් මහතා (‍දෙජාස) - සුගතදාස ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමට ‍ගෙන ඇති උත්සාහයට අපි ප්‍රසංශා කරනවා. නමුත් ග‍මේ ක්‍රීඩා කරන තරුණයින් දිරිමත් කිරීම ප්‍රමාණවත් නැහැ. මන්නාරම දිස්ත්‍රික්ක‍යේ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ජාතික තලයට පැමිණ තිබුණත් ඉන් ඉදිරියට යාමට දිරිමත්වීම් ඉතා අඩුයි.

පත්කළ මන්ත්‍රී අශු මාරසිංහ මහතා (එජාප) - සුගතදාස ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා මීට ‍පෙර රජය ‍ටෙන්ටර් යට‍තේ ලබාදුන් ආයතනයටම ලබාදී‍මේ වැඩපිළි‍වෙළක් පිළිබඳ ආරංච්යක් ති‍බෙනවා. පසුගිය රජය විසින් ලබා දී තිබු‍ණේ ‍කොමිස් මුදල් මතයි. ඒ නිසා ‍මේ පිළිබඳ ‍සොයාබැලිය යුතුයි.

ක්‍රීඩා නි‍යෝජ්‍ය ඇමැති එම්. හාරිස් මහතා - සුගතදාස ක්‍රීඩාංගණය දකුණු ආසියා‍වේ ‍හොඳම ක්‍රීඩාංගණයක් බවට පත්කිරීමට කටයුතු කරමින් ති‍බෙනවා. ‍ප්‍රේක්ෂකාගාර නවීන පන්න‍යේ ආම්පන්න සමඟින් ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පනස්වැනි සංවත්සරය සමරමින් ති‍බෙන ‍වේලාවක ‍මෙවැනි ‍‍දෙයක් කිරීමට ප්‍රසංශනීයයි.

නි‍යෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණි‍යේය.

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - අ‍පේ වෘත්තීය පුහුණු ආයතන ‍හොඳ ප්‍රමිතියකින් පවත්වා ගත යුතුයි. නැතිනම් වෘත්තීය පුහුණු ආයතන දස දහස්ගණනින් පවත්වාගත යුතු නැහැ.

අපි ති‍බෙන ප්‍රමාණය විධිමත්ව පවත්වා ගත යුතුයි. ‍ලෝක‍යේ එවැනි පූර්වාදර්ශ ති‍බෙනවා. ජර්මනි‍‍ය, ප්‍රංශය, චීනය වැනි රටවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ‍හොඳ පූර්වාදර්ශ සපයා ති‍බෙනවා. පළාත් නවය ආවරණය වන පරිදි ජර්මානු කාර්මික ආයතන ස්ථාපිත කිරීමට අප බලා‍පො‍රොත්තු ‍වෙනවා. ‍මේ ආයතන ‍දේශපාලනීකරණ කරන්නේ නැහැ. (NVQ) සහතික ලබා‍ගන්නා අයට රැකියා ක්‍ෂේත්‍ර‍යේ ඉහළම තැනක් ඇතිවන ආකාරයට අප කටයුතු කරනවා.

විවාදය නිමාවිය.

පාර්ලි‍මේන්තුව අද (09) ‍පස්වරු 1.00 යළි රැස්‍‍වේ.

නව අදහස දක්වන්න