ග්ලෝබල් හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් වෙතින් ‘ප්‍රේමය’ ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය | දිනමිණ

ග්ලෝබල් හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් වෙතින් ‘ප්‍රේමය’ ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය

 

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ සංවර්ධන සමාගමක් වන ග්ලෝබල් හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් (පුද්ගලික) සමාගම (Global Housing & Real Estate (Pvt) Ltd) සංගීත කටයුතු සඳහා සිය දායකත්වය යළිත් පිළිබිඹු කරමින්, කොළඹ රාජකීය විද්‍යාලයීය 99 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන ‘ප්‍රේමය - Night of Romance’ සංගීත ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටියි.

රාජකීය විද්‍යාලයේ ව්‍යාපෘති කටයුතු සඳහා අරමුදල් එක්රැස් කර ගැනීමේ අරමුණින් සංවිධානය කරන ‘ප්‍රේමය - Night of Romance’ ප්‍රසංගය අගෝස්තු 20 වැනි දින සවස 6 ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක, කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනී මෙම ප්‍රසංගය ගායනයෙන් රසවත් කරති.

සුරේෂ් මාලියද්දගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සමන් අතාවුදහෙට්ටිගේ කථනයෙන් ද, ‘ප්‍රේමය’ ප්‍රසංගය විචිත්‍රවත් වේ. උසස් සංගීත රසයට ප්‍රියකරන සැමට මෙම ප්‍රසංගය කදිම අවස්ථාවක් වනු ඇත.

 

නව අදහස දක්වන්න