"මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ" - ජනපති | දිනමිණ

"මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ" - ජනපති

මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප 66 වෙනි සංවත්සරයට එක වෙමින් අද පැවසිය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ "මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මුහුදෙන් එතෙර ප්‍රශ්නයක්. ජගත් ජයසූරිය මහතාට පමණක් නොවෙයි මේ රටේ කිසිවකුට අත තියන්න ලෝකේ කාටවත් මම ඉඩ තියන්නේ නෑ. එන්ජීඕ කියන විදියට මම නටන්න ලෑස්ති නෑ. රටට ආදරේ කරන රාජ්‍ය නොවන සන්විධාන එක්ක මම වැඩකරනවා" යැයි ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය සජීවී දසුන් වෙත පහතින් පිවිසෙන්න....

නව අදහස දක්වන්න