උට්ටිමඩුව රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා බේරාගනී | දිනමිණ

උට්ටිමඩුව රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා බේරාගනී

තිරප්පනය උට්ටිමඩුව වන රක්ෂිතයේ වළකට වැටී සිටි අලි පැටවකු තිරප්පනය වනජිවි කාර්්‍යාලයේ නිලධාරින් විසින්බේරා ගෙන තිබේ.

උට්ටිමඩුව ප්‍රදේශවාසියකු බෙහෙත් පැළෑටි සෙවිම සඳහා රක්ෂිතයට ගිය අවස්ථාවේ අලි පැටවා වැටී සිටින අයුරු දැක ඒ බව වනජිවි නිලධාරින්ට දැනුම් දි ඇත.මෙලෙස වැටි ඇත්තේ නිදන් ගැනීමට හාරන ලද වළකට බවද පැවසේ.

පසුව අවුරුදු දහයක් පමණ වන මෙම අලි පැටවා වන ජිවි නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන වනයට මුදාහැරිමට කටයුතු කළහ.

අනුරාධපුර මධ්‍යම සමුහ අමිල ප්‍රභාත් වනසිංහ

නව අදහස දක්වන්න