ජනපති නෙළුම් කුලුනේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

ජනපති නෙළුම් කුලුනේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(5) පෙරවරුවේ එක් විය. අදාළ ඉංජිනේරුවන් සමඟ සුහද කතා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් දුන්නේය. ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුව ද සහිතව කුලුනේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක් ද ඉදිකෙරේ. මෙම සියලු ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.

ඡායාරූපය : චන්දන පෙරේරා

නව අදහස දක්වන්න