මාතර රොටුඹ පෙත්මඟ විහාරයේ ඇසළ පෙරහර | දිනමිණ

මාතර රොටුඹ පෙත්මඟ විහාරයේ ඇසළ පෙරහර

මාතර රොටුඹ පෙත්මඟ පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා දළඳා පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි මහා පෙරහර පසුගිය දා වීදි සංචාරය කෙරිණි.සධාතුක ධාතු කරඬුව මෙවර වැඩම කරවනු ලැබුවේ කතරගම කිරිවෙහෙර හත්ති රාජයා විසිනි.

පහතරට උඩරට සබරගමුව නැටුම් වලින් සමන්විතව වීදි සංචාරය කළ පෙරහරේ ප්‍රධාන බස්නායක නිලමේ ලෙස කටයුතු කළේ සුසිල් නිශාන්ත හපුතන්ත්‍රීගේ මහතාය.

රොටුඹ පෙත්මග පුරාණ රජමහා විහාරාධිපති මාතර දිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය ගම්මැදගම ඤාණීස්සර නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහර පූජෝත්සවය පැවැත්විණි.පෙරහරට සමගාමීව දර්ශනීය තොරණක්ද ප්‍රදර්ශනය කැරිණි.

ඡායාරූපය - ඌරුබොක්ක විශේෂ - ඒ.පී.දයාචන්ද්‍ර 

නව අදහස දක්වන්න