ජානක පෙරේරා ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන් | දිනමිණ

ජානක පෙරේරා ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු තිස් එක් දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විමසීම අද අවසන් විය.

ඒ, අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති ඉදිරියේ මීට අදාළ නඩුව අද විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.

විනිසුරුවරිය එහිදී නියෝග කළේ විත්තියේ සාක්‍ෂි විමසීම ලබන 03 වනදා කැදවන ලෙසයි.

එමෙන්ම නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන උමාර් හබිතාබි ලබන 03 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදී නියෝග කෙරිිණ.

2008 වසරේ ඔක්තෝම්බර් 06 වනදා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මෙම ඝාතනය සිදුවී තිබුණි.

 

 

නව අදහස දක්වන්න