පාපන්දු පුහුණු පාසලක් ගම්පොළදී ඇරැ‍ඹේ | දිනමිණ

පාපන්දු පුහුණු පාසලක් ගම්පොළදී ඇරැ‍ඹේ

 පාපන්දු ඉතිහාසයට නව අරුතක් එක් කරමින් ජාතික මට්ටමේ පාපන්දු පුහුණු පාසලක් පසුගියදා ගම්පොළ කේන්ද්‍ර කර ගනිමින් අාරම්භ විය.

ට්‍රැවල ග්ලෝබල් පුද්ගලික සමාගම මුල්වීමෙන් අරඹා ඇති මේ පුහුණු පාසලේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර පුහුණුකරුවන් හා උපදේශකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තෝරාගෙන තිබේ.

ලෝක ළමා දිනයට සමගාමීව මේ පාසලේ සමාරම්භක අවස්ථාව ගම්පොළ වීගුලවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ඒ සඳහා මහවැලි හා පාරිසරික නියෝජ්‍ය ඇමැති අනුරාධ ලංකා ජයරත්න ට්‍රැවල ග්ලෝබල් සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ රිස්මි රියාල්, එහි අධ්‍යක්ෂ අෂ්රාල් රුමි, මො‍‍හොමඩ් නසාෆ්, ගම්පොල කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ අනුර කුමාර යන මහත්වරුද සහභාගී වී සිටියහ.

සිසුන් 240ක් සඳහා ආරම්භක දින පුහුණු වැඩමුළු පැවැත්වු අතර පැමිණ සිටි දෙමාපියන් පස් දෙනෙකු සඳහා විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත්ද පිරිනමන ලදී.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමට සුදුසු කාර්යශූර නිරෝගිමත් පාපන්දු ක්‍රීඩකයකු බිහි කිරීම මේ පාසලේ අරමුණ වී ඇති අතර ඒ සඳහා මුල්වී ඇති උපදේශකයන් හා පුහුණුකරුවන් අතර ජාත්‍යන්තර විනිසුරු සුනිල් සේනවීර, කෝසල නවරත්න, රෝහන රුවන්තිලක ඉන්ටිකාබ් කාපි ඇතුළු ප්‍රවීණයන් රැසක් සිටිති.

සෑම සෙනසුරාදාවකම සවස 3 සිට 5 දක්වා මෙහි නවක සිසුන් බඳවා ගැනේ.

ඡායාරූප - ගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න