ජනාධිපති තාත්තා 4 වැනි මුද්‍රණයට සූදානම් | දිනමිණ

ජනාධිපති තාත්තා 4 වැනි මුද්‍රණයට සූදානම්

සමන්මලී ප්‍රියශාන්ති

චතුරිකා සිරිසේන මහත්මියගේ “ජනාධිපති තාත්තා“ කෘතියේ 4 වැනි මුද්‍රණය එළි දැක්වීමට සරසවි ප්‍රකාශකයෝ සුදානම් වෙයි. පසුගිය 15 වැනිදා සිට මේ දක්වා වු කෙටි කාලයේ දී “ජනාධිපති තාත්තා“ කෘති 10000 ක් අලෙවි වී තිබෙන බවත් මෙම කෘතියට පාඨකයින්ගේ විශාල ඉල්ලුමක් පවතින බවත් එහි ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා මහතා සඳහන් කෙළේය.

අනෙකුත් චරිතප්‍රදානවලට වඩා වෙනස් ස්වරූපයක් සහිත මේ ග්‍රන්ථය සරල කියවීමක් ලෙස ලියා තිබෙන බැවින් හා මෙහි නවකතා ශෛලීය ගැබ්ව ඇති බැවින් පාඨක ඉල්ලුම වැඩිවීමට හේතු වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

මේ වන විට ජනාධිපති තාත්තා කෘතියේ තුන් වැනි මුද්‍රණය ද අවසන් වෙමින් පවතින බව පැවසු ඒ මහතා ඒ අනුව මේ ග්‍රන්ථයේ හතරවැනි මුද්‍රණයට යාමට තීරණය කර තිබෙන බවද කීවේය. 

නව අදහස දක්වන්න