ටෙනිස් ටෙන්ස් තරගාවලියේදී මියුසියස් විදුහලට ශූරතා ද්විත්වයක් | දිනමිණ

ටෙනිස් ටෙන්ස් තරගාවලියේදී මියුසියස් විදුහලට ශූරතා ද්විත්වයක්

කොළඹ මියුසියස් විදුහල් කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායම් කොළඹ කලාපීය ටෙනිස් ටෙන්ස් තරගාවලියේදී ශූරතා ද්විත්වයක් හා අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

එහිදී අවුරුදු 9-10 කාණ්ඩයෙන් ග්‍රීන් බෝල් ශූරතාව හා අවුරුදු 8 වයස් කාණ්ඩයෙන් ඔරේන්ජ් බෝල් ශූරතා දිනාගත් මියුසියස් ක්‍රීඩිකාවෝ අවුරුදු 6-7 කාණ්ඩයෙන් රෙඩ් බෝල් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

මියුසියස් පිල ග්‍රීන් බෝල් කාණ්ඩයේ රන් දිනාගත්තේ අවසන් තරගයේදී කොළඹ විශාකා විදුහල 3/2කින් පරාජය කරමිනි. අවසන් තරගයෙන් බිෂොප් විද්‍යාලය 3/0කින් පරාජය කළ මියුසියස් පිල ඔරේන්ජ් බෝල් කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර රෙඩ් බෝල් ඉසව්වේදී මියුසියස් පිල බම්බලපිටිය ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය හමුවේ පරාජය වීමෙන් අනුශූරතාවට හිමිකම් කීය.

ජයග්‍රාහී මියුසියස් කණ්ඩායම් හිටපු ජාතික ටෙනිස් ශූර ගනේන්ද්‍රන් සුබ්රමනියම් මහතාගේ පුහුණු යටතේ තරගාලියට එක්විය. එහි සහාය පුහුණුකරු ලෙස ප්‍රගීත් පොල්ගම්පොල මහතා කටයුතු කරයි.

 

නව අදහස දක්වන්න