කෑගල්ල ප්‍රදේශයෙන් පෘතුගීසි බලකොටුවක් සොයාගැනේ | දිනමිණ

කෑගල්ල ප්‍රදේශයෙන් පෘතුගීසි බලකොටුවක් සොයාගැනේ

කෑගල්ල දෙහිඕවිට පනාවල මඩගම්මන ප්‍රදේශයේ ගණ කෑලෑබඳ ප්‍රදේශයකිනන් මෙතෙක් තොරතුරු අනාවරණ කර නොගත් පෘතුගීසි බලකොටුවක් (17) ඊයේ සොයා ගැනීමට හැකිවූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී.මණ්ඩාවල මහතා පැවසීය.

පෘතුගීසි බලකොටුව ක්‍රි.ව. 1515-1540 ත් අතර කාලය තුළ සීතාවකපුර ආක්‍රමනයෙන් පසුව ඉදිකර ඇතිබවට විශ්වාස කර හැකි බව සඳහන්වේ.

මෙම නිර්මාණය සබරගමුවට පිවිසීමේ පහසුව අරමුණු කර ගනිමින් ඉදිකිරීම් සිදුකර ඇත.

මෙම බලකොටුව නිර්මාණය කර ඇත්තේ පැති 03 ක් පමණක් ආවරණ වන ආකාරයට වන අතර බලකොටුවෙහි පෘතුගීසි ලක්ෂණ නොවෙනස්ව ඇති බව ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ස්ථානය ඇතුළු අවට ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් බවට හදුනාගත හැකි ලක්ෂණ ඇති අතර මෙම බලකොටුව පිළිබඳ ඉතිහාසයේ තොරතුරු තිබුණද මෙතෙක් සොයා ගැනීමට නොහැකිව තිබී ඇත.

ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නිසා බලකොටුව සොයා ගැනීමට හැකිවූ බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
 

නව අදහස දක්වන්න