වෙඩි තැබීමෙන් තුවාල වු තරුණයා මරුට | දිනමිණ

වෙඩි තැබීමෙන් තුවාල වු තරුණයා මරුට

යාපනය අරියාලේ ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා මියගොස් ඇති බව වාර්තාවේ.
 
මෙම තරුණයා සමඟ තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු ඔවුන්ට වෙඩි තබා පලා ගොස් ඇති අතර වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ උදයපුරම්, අරියාලේ පදිංචිව සිටි 24 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණ වී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නව අදහස දක්වන්න