ශ්‍රීලනිපය සන්ධානයක් ලෙස පුංචි ඡන්දයට | දිනමිණ

ශ්‍රීලනිපය සන්ධානයක් ලෙස පුංචි ඡන්දයට

ස්වර්ණා විජේකෝන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඊයේ (3) ජනාධිපති නිල නිවසේ දී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ආකාරය, මැතිවරණය සඳහා සූදානම් වීම, පක්ෂයේ ඉදිරි කටයුතු ආදිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා 'දිනමිණ'ට පැවැසීය.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සහභාගි නොවූ අතර සාකච්ඡාවට සහභාගී නොවන බව දැනුම් දෙමින් එම කණ්ඩායම යවන ලද ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

නව අදහස දක්වන්න