රාජපක්ෂවරුන් විකෘති කළ දේශපාලන සංස්කෘතිය ප්‍රකෘතිමත් කර ගැනීම අද දවසේ අරගලයයි | දිනමිණ

රාජපක්ෂවරුන් විකෘති කළ දේශපාලන සංස්කෘතිය ප්‍රකෘතිමත් කර ගැනීම අද දවසේ අරගලයයි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් විජේසූරිය

රක්ෂණ ශ්‍රියන්ත

අද දවසේ සිවිල් සමාජයේ අරගලය වී තිබෙන්නේ රාජපක්ෂවරුන් විකෘති කළ දේශපාලන සංස්කෘතිය ප්‍රකෘතිමත් කර ගැනීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසූවේ ඊයේ (08) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති ‍මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සැමරුම් උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් විජෙසුරිය මහතා ....

සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවුණු සෝභිත හිමියන් දැයෙන් සමුගෙන අදට දෙවසරකි. සෝභිත හිමියන් ගැන මට ලියන්නට පුළුවන් බොහෝ දේ මා මේවන විට ලියා තිබෙනවා. කතා කරන්නට තිබෙන බොහෝ දේ කතා කර තිබෙනවා. සෝභිත හිමියන්ගේ හැත්තෑ තුන්වෙනි ජනන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ භාලාවේදී පැවැත්වුණ සම්මන්ත්‍රණය මා කල්පනා කරන්නේ අලුත් දේශපාලන වෙනසක් උදෙසා පළමු වෙඩි මුරය තැබූ දිනය ලෙසයි. එදින සිට සෝභිතහිමියන් අපවත්වන තුරුත්, අපවත්වීමෙන් අනතුරවත් මා අඛණ්ඩව උන්වෙහන්සේ මුල් කරගත් සභාවල දේශල පත්වා තිබෙනවා. අද මා පවත්වන්නේ අවසන් දේශනය විය හැකියි.

ජනවාරි අට වෙනිදා රටේ බහුතර ජනතාව මහින්ද රාජපක්ෂ පරාජයට පති කිරීමට තීරණය කෙළේ ඇයි. මේ ප්‍රශ්නය නිතර විමසිය යුතු ප්‍රශ්නයක්. එමෙන්ම ඊට අදාළ පිළිතුරු සලකා බැලීමත් වැදගත්. ඒවා ගැන අසංවේදීව හෝ නොලසලකා හැර යහපත් රාජ්‍ය පාලනයක් ගොඩ නැගීම නම් සිහිනයක්.

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ ලෝකය ගොඩ නැගීම වත්මන් ආණ්ඩුව සතු වගකීමක්, සෝභිත හිමියන් අපේක්ෂා කෙළේ නීතිය මත පාලනය වන රටක්. ඒ සිහිනය යථාර්ථයක් බවට පති කිරීමට ජනාධිපතිතුමන්ට සහ අගමැතිතුමන්ට තවමත් කාලය තිබෙනවා. අද සෝභිත හිමියන් ජීවමානව නැති නමුත් උන්වහන්සේ නැගූ හඩ නඟන්නට ඒ ලෙසම අපට නොහැකි නමුත් උන්වහන්සේ අපේක්ෂා කළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපි අකම්පිතව කැපවන බව සඳහන් කරන්න කැමැතියි.

සාධාරණ සමාජයක්, නීතිය මත පාලනය වන රටක් ගොඩ නඟා ගැනීම වෙනුවෙන් අවධියෙන් කටයුතු කිරිම සෝභිත හිමියන් සිවිල් සමාජයට පවරා දැයෙන් සමුගත් බව අපගේ අවංක හැගීමයි.

එබැවින් අද දවසේ සිවිල් සමාජයේ අරගලය වී තිබෙන්නේ රාජපක්ෂවරුන් විකෘති කළ දේශපාලන සංස්කෘතිය ප්‍රකෘතිමත් කර ගැනීමයි. එය මොන අන්දමකින්වත් ආණ්ඩුව සමග අරගලයක් නොවන බව දෙවැනි ගුණ සැමරුමේදීත් කියන්න කැමැතියි. ආණ්ඩුව දූෂිතයන් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරිමරුකවරණය ලබාදීම, නීති ගරුක පුරවැසියන් මුළා කරමින් තව දුරටත් කරගෙනයනවා නම් 2017 ජනවාරි 08 වෙනිදායින් පසුව ආණ්ඩුව සමග ගනු දෙනු බේරා ගැනීමටයි සිවිල් සමාජයට සිදුවන්නේ.

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම මගින් රටේ අනාගත අභිවෘද්ධියට ගත යුතු පියවර ගැන කතා කිරීමට පටන්ගෙන මේ වන විට දශක තුනකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, බලය බෙදා ගැනීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් මගින් සිදු කොට ජාතික සංහිදියාව ඇති කළ යුතු බව 2015 ජනාධිපතිවරනෙයේදී රටට පැවසුවේ පොදු අපේක්ෂකයා පමණක් නොවේ. එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂත් පැවසූවා. ඔහුගේ මැතිවරණ ප්‍රකාශයේ එබව සඳහන්ව තිබෙනවා. 

 

නව අදහස දක්වන්න