කොන්ගෝ හි දුම්රිය අනතුරකින් 33ක් මරුට | දිනමිණ

කොන්ගෝ හි දුම්රිය අනතුරකින් 33ක් මරුට

කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

ලුවාලාබා පළාතේ බයෝව් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. අනතුරට ලක්වූ දුම්රිය ගිනිගෙන තිබේ.

අනතුර වන විට දුම්රියේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණි. දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ එය ලූබුම්බාෂි සිට ලූනා දක්වා ගමන් කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නව අදහස දක්වන්න