කෝසල හා කෝසලා එකම ලණුවකින් එල්ලිලා | දිනමිණ

කෝසල හා කෝසලා එකම ලණුවකින් එල්ලිලා

මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණියක් සහ 28 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන මියගොස් සිටිය දි මිල්ලනිය පොලිසිය විසින් සොයාගෙන තිබේ .

මියගොස් ඇත්තේ පරගස්තොට, මිල්නිය වත්ත පදිංචිකරුවකු වන කෝසල පොන්සේකා සහ බණ්ඩාරගම කිම්මන්තුඩාව පදිංචි කෝසලා මහේෂිකා නමැති දෙදෙනායි .

තරුණයා ඇඟලුම් ආයතනක සේවිකාවන් ප්‍රවාහනය කරන රියදුරකු බවත් මියගිය තරුණිය එම වැන් රථයේ ගමන් කරන එම ආයතනයේ සේවිකාවක බවත් අනාවරණය වී තිබේ .

පසුගිය 13දා කොළඹ යෑමට තමන්ට අවශ්‍ය නිසා අලුයම 5.00ට පමණ පැමිණෙන බවත් ඒ නිසා කොළඹට ඇරලවන ලෙසත් ඔහු පදවන වාහනය හිමිකරුට තරුණයා පවසා ඇතත් ඔහු පැවසු වෙලාවට නොපැමිණි නිසා ඒ ගැන වාහන හිමිකරු සොයා බලා ඇත.

එවිට තරුණියගේ නිවස අසල මළගෙදරකට සහභාගි වු පිරිසක් පවසා ඇත්තේ තරුණයාගේ යතුරුපැදියේ නැඟී තරුණිය අලුයම ගමන් කරනු දුටු බවය.

මේ නිසා තවත් මිතුරන් දෙදෙනකුත් සමඟ 13දා රාත්‍රියේ වාහන හිමිකරු ඔහුගේ නිවසට ගොස් බැලිමේදි යතුරුපැදිය තිබෙන බවත් නිවසේ විදුලිය දල්වා තිබෙන බවත් දැක නිවස ඇතුළත බැලිමේ දී බාල්කයක එකම ලණුවකින් ගෙල වැලලාගෙන සිටි යුවළ දැක තිබේ .

තරුණයා විවාහකයෙකු බවත් තරුණිය ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන බවත් අනාවරණය වී ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා හොරණ රෝහලට රැගෙන ගොස් තිබේ .

හල්තොට සමුහ විනීතා මානෙල් ගමගේ හා වාද්දූව සමූහ

නව අදහස දක්වන්න