ජාත්‍යන්තර ළමා සම්මේලනයට බණ්ඩාරගම ෆාතිමා | දිනමිණ

ජාත්‍යන්තර ළමා සම්මේලනයට බණ්ඩාරගම ෆාතිමා

 දෙසැ 6 සිට 11 දක්වා ජපානයේ පැවැත්වෙන 2017 ජාත්‍යන්තර ළමා සම්මේලනය නියෝජනය කිරීම සඳහා බණ්ඩාරගම ජාතික පාසලේ 5 වසර ඩී පංතියේ ඉගනුම ලබන එම් ඉර්ශාන් ෆාතිමා ඉර්ශා සිසුවිය සහ ඇගේ පංතිභාර ආචාර්ය සෝමා මල්ලවආරච්චි මහත්මිය සුදුසුකම් ලබා තිබේ.

ග්‍රින් ක්‍රෝස් ආයතනය මඟින් පවත්වන ලද ග්‍රින් ලේන් දිනපොත ලිවීමේ ව්‍යාපෘතියට ඉදිරිපත් වු සිසුන් 7000 ක් අතුරින් තෝරා ගන්නා 100 දෙනා අතරින් ප්‍රථම ස්ථානයට තේරුණු ෆාතිමා ඉර්ශා එම 100 සඳහා පැවති කථික රචනා තරගයෙන් තෝරා ගත් 10ක ගෙන් ප්‍රථම ස්ථානය ලබා එම 10 අතර පැවති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් සිව් දෙනාගෙන්ද ප්‍රථම ස්ථානය ලබා ගැනීමෙන් මෙම සුදුසුකම හිමි කරගෙන තිබේ .එමෙන්ම මෙම 100 දෙනා අතරට දරුවන් 11 දෙනෙකු මෙම පාසලෙන් තේරි තිබිණි .

මේ සඳහා ආචාර්යවරුන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂයෙන් සමත්ව මෙම සම්මේලනයට සහභාගි වීමට අවස්ථාව හිමි වි ඇත්තේ සෝමා මල්ලවආරච්චි මහත්මියට වේ .

විදුහල්පති පුජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර හිමියන්ගේ මඟපෙන්විම යටතේ ප්‍රාථමික අංශ භාර විදුහල්පතිනි නිශාන්ති මැණිකේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම ජයග්‍රහණය විදුහලට හිමි වි තිබේ . ග්‍රින් ක්‍රෝස් ජාතික සංවිධායක සහ සභාපති ජගත් සෙනෙවිරත්න මහතා ඇතුළු එම ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

සටහන සහ ඡායාරූප
හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

නව අදහස දක්වන්න