ගල්ගමුව පලුගස්වැවේ පිළිසකර වැඩ ඇරැඹේ | දිනමිණ

ගල්ගමුව පලුගස්වැවේ පිළිසකර වැඩ ඇරැඹේ

මෑතක් වනතුරුම වනබත්වී තිබූ ගල්ගමුව පලුගස්වැව, කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුග්‍රහයෙන් ස්වර්ණහංස පදනමේ මෙහෙයවීමෙන් පිළිසකර කෙරේ.

කලින් වනසතුන්ගේ රජදහනක්ව පැවැති පලුගස්වැව එළිපෙහෙළිවී වැවක් ලෙස සංවර්ධනය වීම පිළිබඳ ප්‍රදේශවාසීහු සතුටට පත්වී සිටිති. කුඹුරක් පිටියක් වැඩ කර ගන්නට පමණක් නොව හිතේ හැටියට වතුර පොදක් නාගන්නට නැතිව සිටින පලුගස්වැව වැව් ගම්මානයේ උදවිය දැන් වැහි වැටී වැව පිරී යනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.

එප්පාවල සමූහ - බණ්ඩාර ඒකනායක

නව අදහස දක්වන්න